ධීවරයන් ගෙන්වා දිමට රජය පොරොන්දු වෙයි.උපවාසය අවසන්

0
62

අන්දමන් දූපත්වල සිරගතකොටගෙන සිටින ධීවරයින් මෙරටට ගෙන්වා දිමට රජය කටයුතු කරන බවට පොරොන්දු වෙයි. වයඹ පළාත් සභා ධීවර ඇමති සනත් නිශාන්ත මහතා හරයා මේ පණිවිඩය උපවාසයේ යෙදුන අය වෙත ඊයේ රාත්‍රියේ දැනුම්  දි ඇත.

මෙම පොරොන්දුව ඉටු නොවන්නේ නම් තමන්ගේ උද්ඝෝෂනය රටපුරා ගෙනයන්නට තමන් සුදානම් බව මෙහි ප්‍රධාන හිමිනම පවසා තිබුණි.මෙම තින්දුවට පැමිණිමට පෙර  ප්‍රදේශයේ ධිවර ජනතාවගේද අදහස් විමසු බව හිමි නම ප්‍රකාශ කර සිටියේය.මේ පිළිබද මාධ්‍ය වෙත දැනුම් දිම සදහා හෙට එනම් 2011.ඔක් 31 සවස 2.00ට කන්දකුලියේ පන්සලේදි විශේෂ පුවත්පත් සාකච්ජාවක් පැවැත්වමටද නියමිතය.