ධීවරයා අනාථයි !රජය ෆේල්..!

0
154

නාමල්(10.30am)මෙම අදහස මතු කරන්නේ ධීවර ක්ෂේත්‍රය පිළිබඳව හසල දැනුමක් සහිතව කටයුතු කරන , සමාජ ක්‍රියාධරයෙකු වන නාමල් ප්‍රනාන්දු මහතාය.
කොරෝනා වසංගතය විසින් මේ වනවිට මීගමුව අවධානම් කලාපයක් බවට පත්කර ඇත. බහුතර යක් වූ ධීවර ජනතාවට තිබෙන එකම ආදායම් මාර්ගය වන මාළු ඇල්ලීම සහ විකුණා ගැනීමත්, ඒ මත ගොඩ නැගී ඇති ප්‍රශ්ණ රාශියකට මුහුණ දීමට සිදුවී ඇත. ධීවර ජනතාව අද මුහුණ දෙන මෙකී ප්‍රශ්ණ පිළිබඳව නාමල් ප්‍රනාන්දු මහතා පැහැදිළි කළේ මෙසේය.නාමල් ප්‍රනාන්දු මහතා පවසන කරුණු අතර සුළු ධීවරයාගේ සිට ට්‍රෝලර් යාත්‍රා හිමියන් දක්වා සියළු දෙනා උස් පහත් භේදයකින් තොරව මෙම කොරෝනා වසංගත තත්වය මත පීඩාවට පත්ව සිටිති. තමන් ලක්ෂ ගනන් වැය කළද මුහුදෙන් ගොඩට ගෙනෙන මාළු අලෙවි කර ගැනීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් නොමැති වීම ලොකු බෝට්ටු හිමියන් මුහුණ දෙන ගැටළුවයි. අඩු ආදායමක් ලබන්නේ නමුත් ⁣කුඩා බෝට්ටු හිමියන් සහ අනෙකුත් සුළු ධීවරයින් මුහුණ දෙන්නේද මෙම ගැටළුවටය. ඉන්ධන, දැල් ආම්පන්න, සේවක පඩිනඩි ආදිය ගැන සළකා බලන කළ මෙකී අවධානම විසින් සියළු ධීවරයින් අසරණ තත්වයට පත්කර ඇත.

එපමණක් නොව ධීවර ක්ෂේත්‍රයේ මාළු කපන්නා සහ පෙට්ටි බාන පුද්ගලයාගේ සිට කරවල කරන අය දක්වා කොරෝනා වසංගත තත්වය තුළ පීඩාවට පත්ව සිටී.
මෙම සියළු කාරණා මැද අදාල වගකිවයුත්තන්ගේ නිසි මැදිහත්වීමක් සිදුනොවීම කණගාටු දායක තත්වයක් බව නාමල් මහතා පවසයි. විශේෂයෙන් කතෝලික නගරයක් වශයෙන් පියතුමන්ලා පිළිබඳව සඳහන් කරන නාමල් මහතාගේ මෙම කාරණය බැහැර කළ නොහැක්කකි. මීගමුවේ මාළු ලෙල්ලම් වල අදායම් වලින් වැඩිකොටසක් වෙන් කෙරෙන්නේ කතෝලික දේවස්ථානයන්ටය. එබැවින් ඔවුන්ට තම කීමෙන් කෙසේවත් ගැලවී යා නොහැක.
ඉදිරියේදීවත් මීගමුවේ නගරසභාව , ධීවර කාර්‍යාලය ඇතුළු රාජ්‍ය ආයතනත් දේවස්ථානවල පියතුමන්ලාත් , අනෙකුත් දේශපාලකයිනුත් මෙම වසංගතය නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මැදිහත්ව ක්‍රියාත්මක වනු ඇතැයි අප අවධානයෙන් සිටින්නෙමු.

සැම්සන් ඥානසිරි