ධීවරයෝ උපවාසයේ යෙදෙන නගර සභා භුමියේ ලයිට් කැපුවේ කව්ද ?

0
79

දැනට දින 2 කක් තිස්සේ මීගමුවේ ධිවරයෝ නගර සභා භුමිය තුල අඛණ්ඩ සත්‍යග්‍රහකය නිරතය.ඒ ඉන්ධන සහනාධාර රජය විසින් මාස 13ක් තිස්සේ නවතා දැමිම සම්බන්ධයෙනි.
අපට වාර්ථා වන අන්දමට මේ සාමකාමි අරගලය කඩාකප්පල් කිරිමට සදහා විවිධ සැලැසුම් ඇතැමුන් විසින් ක්‍රියාත්මක කරමින් තිබේ.
පළමු දිනයේම රාත්‍රියේ නගර සභා භූමියේ පිහිටා ඇති බුදුමැදුරේ ආවරණ විදුරු කඩා දමා එය කතෝලික ධිවරයන් විසින් කළයැයි කියා ආගමික ගැටුමක් නිර්මාණය කිරිමට මානබැලුවේය.
ඉන් අනතුරුව ඊයේ රාත්‍රියේ (2014 ජුනි 17) නගර සභා භුමියම කළුවරේ දමමින් විදුලිය කපා දමා තිබුණි.
පසුව කෙසේ හෝ එහි පැමිණි එජාප නගාරික මන්ත්‍රි දොස්තර හෙන්රි මහතාද මැදිහත්ව නගර සභා සේවකයන්ගේ සහය මත කෙසේ හෝ යළිත් විදුලිය භුමියට ලබාගැනිමට කටයුතු යොදා තිබුණි.

5