ධීවර අයිතීන් දිනාගැනීම වෙනුවෙන් අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ ව්‍යාපාරයක්

0
137


ධීවර කර්මාන්තයේ අයිතීන් දිනාගැනීමේ සඳහා  ජාතික ධීවර එකමුතුව විසින් ක‍්‍රියාත්මක කළ පෙත්සම් ලබාගැනීමේ ව්‍යාපාරයක් අද පෙරවරුවේදී  පැවත්විණි. මීගමුව කොටුව පිට්ටනිය අසල  මත්ස්‍ය අළෙවි සැල සංකීර්නය ඉදිරිපිටදී මෙම පෙත්සම් ලබාගැනීම සිදුවූ අතර එයට ධීවරයින්ගේ විශාල පිරිසකගේ දායකත්වයක් ලැබී  තිබුණි.
මෙම පෙත්සම් ව්‍යාපාරය විසින් අවධානයට යොමු කළ අයිතීන් ලෙස
1 ඉහළ දමන ඉන්ධන මිළට සහන දිනාගැනීම
2 ධීවර යාත‍්‍රා, එන්ජින් , දැල් ආම්පන්න හා උපකරණ පාලන මිළකට ලබාගැනීම
3 අහෝසි කර දමා ඇති ධීවර නිෂ්පාදන   සහනාධාර ක‍්‍රම  නැවත ක‍්‍රියාත්මක කරවා ගැනීමට.
4 ධීවර යාත‍්‍රා, එන්ජින් , දැල් ආම්පන්න හා උපකරණ නියමිත ප‍්‍රමිතීන් වලට ගෙනඒමට
5 උතුරු නැගෙනහිර මුහුදේ ඉන්දීය ට්‍රෝලින් යාත‍්‍රා සිදුකරන විනාශයන් නවත්වා ගැනීම