ධීවර ඇමතිකම රාජපක්ෂලා හැර නොගිය අයෙකුට ?

0
89

Deep-sea-Fishing-Mirissaමැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ දින මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන්විය.එහෙත් දේශපාලන උණුසුම තවදුරටත් වර්ධනය වෙමින් තිබේ.මේ අතර සිය ආධාරකරුවන් මුලාවෙ දමන ප්‍රකාශයන්ද මෙහිදි සිදුවෙමින් ඇති බව වාර්තා වේ.මීගමුවේ එක්තරා දේශපාලකයෙකු මෙවර ධීවර ඇමතිකම තමන්ට ලැබෙන බවට පුරසාරම් දොඩාඇතිබවක් සැලය.මෙය⁣ට ප්‍රතිචාර දැක්වු පොහොට්ටුවෙි ජේෂ්ඨයෙකු මිපුර අමතා කියා සිටියේ වැදගත් ඇමතිධුර හිමිවනු ඇත්තේ රාජපක්ෂලා හැර නොගිය අයට බවය.පසුගිය කාලය ගැන කියමින් ඔහු තවදුරටත් සදහන් කර සිටියේ වැඩිම මුහුදු වපසරියක් සහිත පුත්තලම් දිස්ත්‍රික්කයට පසුගිය වර ධිවර ඇමතිකම ලැබුන බවය.එමෙන්ම ධිවර ඇමතිධුරය ලැබු සනත් නිශාන්ත රාජපක්ෂලාට ඉතා සමිපව කටයුතු කළ රාජපක්ෂලාව හැර නොගිය අයෙකු බවද කියා සිටියේය.මෙවරද රාජපක්ෂලාව හැර නොගිය අය වෙත රටට වැඩදායි ප්‍රධානතම ඇමතිධුර ලැබෙනු ඇතියි තමා පුද්ගලිකවම විශ්වාස කරන බවද සදහන් කර සිටියේය.නිමල් ලංසා හට ගිය වර ලැබුනු වතුයටිතල පහසුකම් පිළිබද ඇමතිධුරය මගින් පැහැදිලි වන්නේද රාජපක්ෂලාව හැරගිය අයට ලැ⁣බුන තැන ගැන ඉඟියකි.සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ හට අවම තරමින් නියෝජ්‍ය ඇමතිධුරයක් හෝ ලැබුනේ නැත.ගම්පහ දිස්ත්‍රික්කය තුල හොඳම ඇමතිධුර හිමිව තිබුනේ පොහොට්ටුව ගොඩනැගිමට අවංකව වෙහෙසුන අයට බව සඳහන් කරමින් ඔහු අවධාරණය කලේ ඉන්දික අනුරුද්ධ හට ලැබුනේ ඉතාමත් වැදගත්ම රාජ්‍ය ඇමතිධුරයක් වන නිවාස ඇමතිධුරය බවය.