ධීවර අමාත්‍යවරයා තෙප්පම් ධීවරයින් හමුවීමට වැල්ලවීදියට

0
251

අද පෙරවරුවේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ තෙප්පම් ධීවර සාමාජීකයින් අතර සාකච්ඡාවක් මීගමුව වැල්ලවීදියේදී පැවැත්වීණී.

මෙහිදී තෙප්පම් ධීවර නායකයින් හා ක්‍රියාකාරීන් විසින් ඔවුන්ගේ සම්ප්‍රදායික රැකියාව සම්බන්ධව මුහුණ දී සිටින , කාලයක් තිස්සේ නොවිසදී පවතින ගැටලු රාශියක් ධීවර අමාත්‍යවරයා හමුවට ඉදිරිපත් කරන ලදී.

තෙප්පම් ධීවරයින්ගේ අදහස් වලට සවන් දුන් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් එම ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පැවත්වීම සදහා සියලූම ධීවර සමිති නායකයින් සහභාගී වන පුළුල් සාකච්ඡාවක් කැදවන ලෙස මීගමුව ධීවර කාර්යාලයේ නිලධාරීන්ට එම අවස්ථාවේදී දැනුම් දෙන ලදි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධීවර අමාත්‍යවරයා කියා සිටියේ අද ධීවරයින් හමුවීමට පැමිනියේ පසුගිය කාලයේ පර්ල් නෞකාවෙන් ධීවරයින්ට සිදුවූ හානිය සම්බන්ධව ලබාදෙන වන්දි මුදලේ තවත් කොටසක් ලැබී ඇති බැවින් එම මුදල ධීවරයින්ට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් බවයි.

එමෙන්ම ඉදිරියේදී මීගමුවේ ධීවරයින් සහ ධීවර නායකයින් හමුවීමට ඉතාම ඉක්මණින් සාකච්ඡාවක් පවත්වන බවත් ඇමතිවරයා තවදුරටත් පවසන තිබුණි.