ධීවර ක්‍රියාකාරින් පසුපස රහස් පොලිසිය

0
31

ඉන්ධන සහනාධාරය ඉල්ලා අරගලයක යෙදුන ධිවර ක්‍රියාකාරි නායකයන් පසුපස නිරන්තරයෙන්ම රහස් පොලිසිය ලුහුබදින බව එහි ක්‍රියාකාරිකයෙකු මිපුරට පැවසිය.
මේ නිසා තමන්ගේ එදිනෙදා සාමාන්‍ය ජිවිතයේ කටයුතු වලට පවා මෙය කරදරයක් වන තරමට තත්වය දරුණු වෙමින් ඇතැයි ඔහු පවසා සිටියේය.
මේ අතර පසුගිය දිනක ධිවර කාර්යාලයේ පැවැති රැස්විමකට පවා රහස්පොලිසියේ නිළධාරියෙකු ඇතුළුව සිටි බවද ඔහු අනාවරණය කර තිබුණි.
මාධ්‍යවේදියෙකුට එයට සහභාගිවිමට අවසර නොදුන් ධිවර නිළධාරින් රහස් පොලිසියට ධිවරයන් හා වාඩිවි සිටිමට ඉඩ සලසා දුන් බවද තවදුරටත් ඔහු පවසීය.