ධීවර ගැටළු විසදන්න රජයට වැඩපිලිවෙලක් නෑ ! චෝදනා රැසක් !

0
238

IMG_20200423_065516IMG_20200423_065512ඇඳිරි නීතිය මසකටත් වැඩිකාලයක් පුරා ක්‍රියාත්මක වුවද ධීවරයන් මුහුණ දෙන ගැටළු විසදිමට රජයට නිසි වැඩපිළිවෙළක් නැතැයි චෝදනා එල්ලවේ.පසුගියදා පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයද කොරෝනා අවදානම් සහිත කලාපයක් ලෙස සලකා යම් අංශ වසා දැමිමට තින්දු කිරිමත් සමගින් ඒ ගැණුම්කරුවන් මෙහි පැමිණිම ඊයේ සිට පටන් ගැනිම ,අද මිගමුවට බලපා ඇති බව ධිවර ක්⁣ෂ්‍රේත්‍රයේ නියුතු වුවෝ කියති.

ලෙල්ලම් 2කක් වසා දමා එක ලෙල්ලමකට පමණක් අවසර දිමත් සමගින් ඒකි ලෙල්ලමේද සෙනඟ අද වැඩි වි තිබේ.මේ අනුව දැනට විවෘතව පවතින්නේ පිටිපන වීදිය දූව ලෙල්ලම පමණි.ත
රජයේ සමුපකාර ලෙල්ලම මෙන්ම පිටිපන මිසමට අයත් ලෙල්ලමද මේ වන විට වසා දමා ඇත.
පොලිසිය පැමිණ මිටර දුරින් පෝලිම් ගැස්සුවද මාළු ලෙල්ලම  ඇතුලට ගිය පසු අඩියක තරම් දුරකවත්  නැති තරමින් සෙනග එකිනෙකා තෙරපි මාලු ගැනිමට කටයුතු කරන බවක් දක්නට ලැබුණි .
මිටරේ දුරකින් හැදු පෝලිමෙන් මේ ප්‍රශ්ණය විසදෙන්නේ නැති බව අද පැහැදිලිවම පෙනෙන්නට විය.එය පොලිසියටද අද ඇස්පනාපිටම දැකගැනිමට හැකිවුවද එයට විසදුමක් දිමට ඔවුන්ද අපොහසත්ය.
ඉන් කියැවෙන්නේ ධිවර ගැටළු විසදිමට විධිමත් වැඩපිළිවෙලක් ඇවැසි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here