ධීවර බෝට්ටු ලියාපදිංචියේදී රක්ෂණ සහතිකය අනිවාර්ය කරයි ?

0
349

ධීවර අමාත්‍යාංශය මගින් බලහත්කාරයෙන් නියම කරවා ඇති ධීවර යාත්‍රා  රක්ෂණය කිරිම හා ඒ ආශ්‍රිතව ගොඩනැගී ඇති ගැටලු සාකච්ඡා කිරිම සදහා රැස්වීමක්   අද ( 14ඔක්තෝබර්) ධීවර හා  ජලජ සම්පත් දිස්ත්‍රික් කාර්යාලයේදි  සිදු විය.ඒ සදහා  මීගමුව ධීවර සහකාර අධ්‍යතුමා හා මීගමුව ධීවර සමිති නායකයින් සහභාගී  වූහ.
1996 අංක 2 දරණ පනතට එක්ව ඇති නව සංශෝධන අනුව   සියලූම වර්ග වල බෝට්ටු ලියාපදිංචිය සඳහා රක්ෂණ සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත. මේ සම්බන්ධව දැනුම්දීමක් ලිඛිතව ද ධීවරයින් වෙත සිදුකර ඇති අතර අද පැවති සාකච්ඡාවේදී මෙම නීතියේ ගැටළු පිළිබඳව ධීවර සමිති නායකයින් විසින් මතුකරන ලදී.
එහිදී  ධීවරයන්ගේ ප්‍රධානතම ගැටලුව වන රක්ෂණයේදි අවිධිමත් බව හා වන්දි ලබා දීමේදි අර්ධ හානි සදහා ක්‍රමවත් වැඩපිලිවලක් රක්ෂණ ගිවිසුමේ නොමැතිකම මතුවිය.
රක්ෂණය නොකළ ධීවර බෝට්ටු සදහා රු.25000 දඩ මුදලක් පැනවීම  යෝජනාව පිළිබඳවද  සාකච්ඡා විය.
ධීවරයන්ට පමනක් විශේශිත වු මෙම රක්ෂණය ගිවිසුම් ගත වී ඇත්තේ ධීවරයන්ගේ සහභාගීත්වයෙන් නොවන අතර එය සදහා යොදගෙන ඇති පුර්න  හානි ක්‍රමවේදය නිසා සියලුම ධීවරයන්ට වන්දි නොලැබේ. අර්ධ හානි සදහා ද වන්දි නොලැබේ. මෙම රක්ෂණ ක්‍රමයට අනුව  අලාභවූ බෝට්ටුවකට වන්දි ලබා ගැනීමටට නම් එය සම්පූර්නයෙන්ම විනාශ විය යුතුවේ. අර්ධ හානි සදහා වන්දි ලබා නොදේ. මෙම තත්ත්වයට  ධීවරයන්ගේ දැඩි විරෝධයක් එල්ල වන අතර බලහත්කාරයෙන් පනවා ඇති මෙම නීතීය නිසා නොදැනුවත් ධීවරයෝ දැනටමත් රක්ෂණය කර අවසන්ය.20141014_160222new
රජයේ සියලු සහනාධාර ලැබනුයේ මෙලෙස  රක්ෂණය වූ  ධීවරයන්ට පමණක්  වේ.
මෙහිදී අදහස් දැක්වූ ධීවර සමිති නායකයින්  පැවසූවේ ඔවුන්ගේ  ධීවර සමිති සංවිධාන හරහා දැනටමත් රක්ෂණය ක්‍රියාත්මක වන බැවින්  අලුතින් ගෙන ආ මෙම රක්ෂණන නීතිය ක්‍රමවත්ව එම සමිති හරහා ක්‍රියාත්මක  කරන ලෙසයි.  වෙනත් ක්ෂේත්‍ර වලට ලැබෙන රක්ෂණ ක්‍රම ඔවුන්ටත් ලබා දෙන මෙන් මෙහිදී ඔවුන් ඉල්ලා සිටියහ.
එවිට මෙම රක්ෂණ  නීතිය මගින් රක්ෂකයාට  ඵලදායි රක්ෂණාවරනයක් වනු ඇත.
ධීවර කාර්යාලයේ නිලධාරීන් විසින්  ඉහිදී ඉදිරිපත්වූ  ධීවර ඉල්ලීම සලකා බලා මුහුදු  රක්ෂණයට සම්බන්ධ  පාර්ශවයන් සමග  සාකච්ඡා කිරීමට ධීවරයින්ට අවස්ථාවක් ලබා දීමට  පොරොන්දු විය.

දිල්ශාන් ක්‍රිෂාන්ත