දින පැන්නත් , නොකඩවා ප්‍රදර්ශනය වන ඩිජිටල් බැනර්?

0
46

නගරයේ පාරවල් වල මෙන්ම නගරවල ප්‍රධාන හා ජනප්‍රිය ස්ථාන වල ඩිජිටල් බැනර් එල්ලා ඇති අන්දම අපට නතර හුරුපුරුදු දසුනකි. මේවායින්  සමහර විට දෙන පණිවිඩයේ කාලය ඉකුත්වී ඇතත් එම ස්ථාන වල දිගටම එල්ලෙමින් තිබේ. මෙම බැනර් නගරයේ ප්‍රදර්ශනය  කිරිම වෙනුවෙන් නගර සභාවට කොපමණ ආදායමක් ලැබෙනවාද යන්න ගැන ජනාව හරිහැටි නොදනිති. නමුත් වාර්තා වන අන්දමට නම් මෙවැනි බැනර් වෙනුවෙන් නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවලට සෟජු ආදායමක් නොලැබේ. මේවා  නගර සභා පාලනයට හිතවත් අතරමැදියන් හරහා  සිදුකරන ගණුදෙනු වන අතර මෙම බැනර් වල බොහෝ විට අනුග්‍රාහකයෙකුගේද නම් සඳහන් වේ. නමුත් නිවරදි ක්‍රමය නම් එවැනි දැන්වීම්  හෝ සුබපැතුම් සහිත ඩිජිටල් බැනරයක්  නගරයේ ප්‍රදර්ශනය විය යුතු කාලසීමාවක් තිබිය යුුතු අතර දිගටම ප්‍රදර්ශනය කරනවා නම් ඒ සඳහා කොන්දේසියක්ද තිබිය යුුතුය. නමුත් පෙනෙන ආකාරයට නම් මීගමුව හා අවට ස්ථාන වල එල්ලා ඇති බැනර් පිළිබඳව එබදු නීතියක් හෝ කොන්දේසීයක් ක්‍රියාත්මක වන බවක් නම් නොපෙනේ.

IMG_20140712_065139(1)