නගරයේ තවත් පිස්සු බල්ලන් කී දෙනෙක් සිටිනවා ද?

0
581

පසුගිය මාර්තු 06 වනදා  මීගමුව නිව්ස්ටඩ් බාලිකාවේ දී සිසුවියන් 04 දෙනෙකුව  සුනඛයෙකු සපා  කෑ බව වාර්ත විය. ඉන්පසුව මෙම සුනඛයා පාසලෙන් පලාගොස් තිබූ අතර  එදිනම   එදිනම පැය කීපයකට පසුව මීගමුව ශාන්ත ජෝශප් වීදියේ දී  තවත් පුද්ගලයන් දෙදෙනෙකුව  සුනඛකයෙකු විසින් සපා කා ඇති අතර   මෙලෙස සපා කා ඇත්තේ නිව්ස්ටඩ් බාලිකාවේ   සිට පැමිණ ඇති සුනඛයා බව ප්‍රෙද්ශයේ ජනතාව පවසති.
නමුත් එම තොතරතුර තවමත් සනාථ කළ නොහැකි අතර සමහර අවස්ථා වල නිවෙස් වලින් පලායන සුනඛයන් මෙලෙස කලබලකාරී ලෙස මිනිසුන්ට බියවීම නිසා සපා කන අවස්ථා ද වේ.
කෙසේ නමුත් මීගමුව නගර මධ්‍යෙය් වීදි වල සැලකිය යුතු සුනඛයින් ප්‍රමාණයක්  සැරිසරයි.  සමහර අවස්ථාවල ඔවුන් නගරයේ සංචාරය කරන සාමාන්‍ය ජනතාව පසුපස හඹා යන අවස්ථාවන්ද අපගේ නිරීක්ෂනයට හසුවී ඇති අතර වාහන පිටුපසින්ට එළවාගෙන යන අවස්ථා ඇත.
නිව්ස්ටඩ්  බාලිකාව අවට සහ කාමච්චෝඩය වෙරළ තීරුවේ අනවශ්‍ය සුනඛ වර්ධනයක් තිබෙන අතර ඔවුන් නිරන්තරයෙන් මාලු වෙළඳපොළ සහ උසාවි සංකීර්ණ පිහිටා ඇති භූමි වල ගැවසෙනු නිතර දකින්නට තිබෙන දසුනකි.
මීගමුව රෝහලේ ද සැලකිය යුතු ප්‍රමාණයක විදී සුනඛයන් සිටි බව 2013 වසරේ දී එක්තරා  සිදුවීමකින් හෙළිවුණි.
ජනාධිපතිවරයා ගේ ඥාතියෙකු මීගමුව රෝහලේ සිටි අවස්ථාවේදී රෝහල පිළිවෙල කිරීම සඳහා මෙම සුනඛයින් කටාන  ප්‍රෙද්ශයේ එක්තරා වත්තකට දමන්නට ගොස් ප්‍රෙද්ශවාසීන් විරුද්ධ වූ අවස්ථාවේදීය.
මීගමුව වෙරළ තීරයේද  සුනඛයින් විශාල ප්‍රමාණයක් සිටින අතර මොවුන් බෝවීම පාලනය කිරීම හෝ අයිතිකරුවන් ඇති සුනඛයින් නිදැල්ලේ  සිටින්නට සලසා තිබේ. ජලභිතිකාව සඳහා එන්නත් කිරීමට අවුරුද්දකට වරක්  MOH  කාර්යාලයට මෙන්ම  නගර සභාවට    ද ප්‍රතිපාදන වෙන්නවන  අතර  මෙම ප්‍රතිපාදන   හරහා නගරයේ සුනඛයින් එන්නත් කිරීමට ප්‍රමාණවත් පහසුකමක් සැපයේ.   එමෙන්ම සුනඛයින් වෙනුවෙන් වැඩකරන විදේශීය ස්වේච්ඡා සංවිධාන ද වසරකට වරක් පැමිණ මීගමුවේ වීදි  සුනඛයින්  ගේ සෞඛ්‍ය  වෙනුවෙන්  විවිධ දේ සිදුකරති. නමුත් මීගමුව නගර මධ්‍යෙය් මෙවැනි ජලභීතිකාව වැළඳුන සුනඛයෙකු සිටී නම් එයින් කියවෙන්නේ  මීගමුව නගරයේ සැරිසරන ජනතාවගේ ආරක්ෂාව අනතුරේ බවය. එමෙන්ම සුනඛයින් පාලනය කිරීමට මෙන්ම එන්නත් කිරීමට වෙන්වන ප්‍රතිපාදන වලින්  එම අරමුණ සිදුවී තිබෙනවාද යන ගැටළුවද මේ මොහොතේ මතුකිරීමට
සිදුවේ.
අනිත් කරුණ වන්නේ  කෙසේ සිදුවුවත් මීගමුව යනු අනුරාධපුරය,පොළොන්නරුව වැනි  විශාල පළාතක් නොවන අතර ඉතා සීඝ්‍රෙයන්  නාගරිකකරනයට හසුවූ නගරයකි. නගර මධ්‍යෙය්  ප්‍රධාන පාසල් කීපයක් හා වානිජයමය වශයෙන් විශාල ආයතන රැසක් තිබෙන නගරයකි. එමෙන්ම විදේශිකයන් ද සැරිසරන මෙවැනි නගරයකට  මේ ආකාරයේ අයාලයේ යන  සුනඛ ගහනයක් සුදුසු වන්නේ නැත. එබැවින් සුනඛයින් පාලනය උපත් පාලනය මගින් සිදුකළ යුතුය. පසුගිය  කාලයේ සිදුකළ  උපත්පාලන එනනත් වල ප්‍රමිතිය පිළිබඳව ද  යම් ගැටළුවක් තිබෙන බව පශුවෛද්‍යවරුන් වාර්තා කළ අතර ලංකාවට ගෙන්වන සුනඛ උපත්පාලන එන්නත් වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් ද තිබිය හැක.
මෙය පාලනය කිරීම සඳහා සාර්ථක ලෙස සුනඛයින්ගේ උපත් පාලනයක් හරහා සිදුකළ යුතු අතර නගරවාසීන්ද නිවෙස්වල ඇතිකරන සුනඛයින් අයාලේ යැවීම පාලනය කළ යුතුව තිබේ.
මෙම වගකීම  මීගමුව නගර සභාවේ වගකීමක් වන අතර  ජනතාවගේ සහයෝගය ඇතිව හෝ සුනඛ ගහනය පාලනය කිරීම  MOH කාර්යාලයේ වගකීමකි.