නගරය මැද්දේ කඩන් වැටුන බිල්ඩිමට අවසර දුන්න T.O.රන්මුතු ගැන යහපාලනය නිහඩද ?

0
91

2උත්පල රන්මුතුපුර යනු මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙකි.නගර සිමාව අයත් වන්නේ ඔහුගේ අධික්ෂණ බල ප්‍රදේශයටය.
නගරයේ ඇති බොහොමයක් ගොඩනැගිලි නිසි ප්‍රමිතියකින් තොර යැයි අප අවස්ථා ගණනාවකදි හෙළිදරව් කළෙමු.
එයිනුත් විශේෂයෙන්ම තට්ටු ගොඩනැගිලි වල ප්‍රමිතිය ගැටළුකාරිය.
මෙයට හේතුව වන්නේ අදාල තාක්ෂණික නිළධාරින් ඇතුළු අනෙකුත් බහුතරයක් දෙනා මේ ප්‍රමිතිගත නැති ගොඩනැගිලි ඉදිකිරිමට මුදල් ලබාගෙන අවසර ලබා දි ඇති බැවිනි.
අපි විසින් මෙසේ දිගින් දිගටම මතුකරන ලද සියළු කරුණු සත්‍යයක් බව සනථා කරමින් පසුගිය මාර්තු මාසයේ 12 වන දා (පෝය දිනය ) රාත්‍රි 8 ට තට්ටු ගොඩනැගිල්ලක් එහෙම පිටින්ම කඩන් වැටුණි.
එය කලින් පැවැති පැරණි ගොඩනැගිල්ලක් මත ඉදිකරමින් තිබුනෙ මහල් ගොඩනැගිල්ලක් විය .නගරයේ ප්‍රසිද්ධ මත්පැන් අලෙවි හලක් වු බ්ලුමුන් ගොඩනැගිල්ල අසල වු මෙම ගොඩනැගිල්ල ඇති ස්ථානයේ රාත්‍රි කාලයේ බස් රථ පැමිණෙන තෙක් මහජනයා නිතර ගැවසෙන තැනකි.එහෙත් වාසනාවට මෙන් එදින පෝය දිනයක් වු බැවින් වෙනදා 905 බසය එන තුරු එහි රැදි සිටින මගින් ඒ රාත්‍රියේ සිටියේ නැත.මේ නිසා සිදුවන්නට ගිය මහත් වු විනාශයක් වැලකුණේ කිසිදු ජිවිත හානියක් සිදුනොවෙමිණි.
එහෙත් එතන නවතා තිබුණු වෑන් රථයක් මතට වැටුණු කොන්ක්‍රිට් කණු නිසා වෑන් රථය මුළුමනින්ම විනාශයට පත්ව තිබුණි.
මෙවන් මහල් ගොඩනැගිල්ලක් මුළු මනින්ම කඩාවැටුනේ නම් එහි ඇත්තේ ප්‍රමිතිය පිළිබදව බරපතල ප්‍රශ්ණයකි.
මෙහිදි පළමුව ඇගිල්ල දිගු කළ යුතුව ඇත්තේ මෙන් ගොඩනැගිලි සදහා අනුමැතිව ලබාදුන් සහ පසු විමර්ශන සිදුකරන නගර සභාවේ නිළධාරින් හටය.
මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රන්මුතු නැමැති තාක්ෂණ නිළධාරියා කියා සිටියේ ඒ ගැන කිසිවක් මාධ්‍යයට නොකියන ලෙස මීගමුව නාගරික කොමසාරිස්වරයා විසින් තමන්ට කියා ඇති බවය.
රාජපක්ෂ රෙජිමයේ මීගමුවේ ලංසා පාලනය තුල රන්මුතු යනු ඒ අයගේ සුවච කිකරු ගෝලයෙකි. අපට රන්මුතු ලා ට කියන්නට ඇත්තේ තොරතුරු දැනගැනිමේ පණත යටතේ දැන් කිසිවක් වසංගන්නට අප ඉඩදෙන්නේ නැති බවය.
පසුගිය කාලය තුල විශේෂයෙන්ම රන්මුතු විසින් සිදුකරන්නට යෙදි ඇති අයථා කටයුතු රැසක් ගැනද අප මිපුර පාඨකයන් හට ඉදිරියේදි ලබාදිමට සුදානම් බවද සටහන් තබනු කැමැත්තෙමු.
රන්මුතු යනු අයථා වැඩවලට මුදලට පුර්ණ අනුග්‍රහය ලබාදෙන අංක එකේ කුප්‍රකට නිළධාරියෙකු බවද මෙහිලා සටහන් කළ යුතුව ඇත..