News නගරය මැද තියෙන මේ ඩෙංගු තවානට විසදුමක් නැද්ද ?? By fgamage - 2017 July 15 0 103 FacebookWhatsApp මීගමුව ශා.ජෝශප් විදියේ පිහිටි මේ ඉදිකිරිම් ව්‍යාපෘතිය තුල එක්රැස්ව ඇති මේ පිරිසිදු ජලය නිසා අවට ප්‍රදේශවලට මතුව ඇති ඩෙංගු අවධානම ගැන අප විසින් මිට පෙරද එක් අවස්ථාවක මතු කර සිටියෙමු. එදිනම මැදියම් රැයේ පැමිණ ඇති මෙහි අයිතිකරු මෙහි ඇති වතුර ඉසිමට පියවර ගත් බව වාර්ථා විය. එහෙත් ප්‍රදේශවාසින් දැනට දින 2 කකට පෙර අප වෙත එවා තිබුණ මේ ඡායාරුප වලින් කියැවෙන්නේ ද ඩෙංගු තවානක් ලෙස මෙය තවදුරටත් පවතින බවය. ගැටළුව වන්නේ මේ සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකු දැනට පියවරක් නොගෙන තිබිමයි. මේ කලාපය භාර මංජුල නැමැති මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා හට අප අවස්ථා දෙකකදිම මේ ගැන දන්වා සිටියෙමු. මේ සම්බන්ධයෙන් ඉක්මන් අවසන් විසදුමකට එළඹිමට අදාල බලධාරින් විසින් කටයුතු කළ යුතුව ඇතැයි ප්‍රදේශවාසින් පවසා සිටිති. Save