නගරය මැද වලවල් ගැන ජලසම්පාදන ලොක්කෝ නිහඬයි ?

0
222

IMG-20191230-WA0043

දැනට මාස ගනනාවක් තිස්⁣සේ මීගමුව ප්‍රධාන මංසන්ධි වල පොළව හෑරීම නිසා මගී ජනතාව මෙම ස්ථාන පසුකර යාමේදී දැඩි අපහසුතාවයකට පත්වන බව කිවයුතුය . මේ පිළිබඳව අප මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් ප්‍රකාශකළේ මෙම වලවල්වලට හේතුව ජලසම්පාදන මණ්ඩලයේ නොසැලකිල්ල මත සිදුවූවක් බවයි.
කෙසේ නමුත් මීගමුව නගරයක් වශයෙන් , පිරිසිදුව අලංකාරව පවත්වා ගතයුතු බවට අදහස් ඉදිරිපත් කරන නගර පාලකයින් , දේශපාලකයින් රාජ්‍ය නිළධාරින් මේ කිසිවක් නොපෙනේද යන්න ප්‍රශ්ණ කළ යුතුව ඇත . මන්ද මෙම පාරවල් කඩතොළු  මෙසේ පවතින්නේ දවසක දෙකක සිට නොව මාස ගනනාවක සිට වන හෙයිනි.
කෙලින් වීදියේ සිට දුම්රිය ස්ථානයට හැරෙන ස්ථානය , එසේම ග්‍රීන්ස් පාරට හැරෙන තැන මංසන්ධිය, ප්‍රධාන කොටගත් ස්ථාන කිහිපයකම තත්වය එසේ අවධානම් තත්වයක පවතී .
එසේ හාරන ලද තැන්වල පමණක් නොව ඔරලෝසු කනුව ගොස් HNB ආයතනය පසුකර ගොස් වැටෙන තුංමන්හන්දියේද විශාල කඩතොළු නිර්මාණය වී ඇත . මේ කිසිවක් ගැන කිසිදු වගකිවයුත්තෙකු සැළකිලිමත් වී ඇති බවක් නොපෙනේ .
ජල සම්පාදන මණ්ඩලය විසින් මෙසේ පාරවල් හරහා කානු කපා බට වැළලීමත්, නැවත මෙම ස්ථාන යථා තත්වයට පත්කිරීම සඳහා කිසිදු පියවරක් නොගැනීමත් මෙම වලවල් හෑරී , කඩතොළුවී තිබීමට හේතුවී ඇති බව මේ අනුව පැහැදිළි වේ.
මේ ගැන දැන් ජලසම්පාදන ලොක්කෝ මුනිවත රකිති.