නගරසභාවේ කොළපාට කැබ් රථයෙන් නාගරික ලේකම් අවුරුද්දට වාරියපොල යයි !

0
76

ToyotaHilux-HL2-2009-1-300x225මීගමුව මහනගර සභාවේ ලේකම් තුමිය අවුරුද්දට වාරියපොල ගොස් ඇත්තේ නගර සභාවට අයත් කොළපාට කැබ් රථයෙන් යැයි වාර්ථා වේ.
ඒ ඉසුරු නැමැති රියදුරාද සමගිනි.
අද සවස 4.30 ට පමණ නගර සභාවෙන් පිටත් වු කැබ් රථය නැවත නගර සභාව වෙත පැමිණ ඇත්තේ රාත්‍රි 10.40 ත් පමණ පසුවි බව අපගේ ආරාංචි මාර්ග දක්වා සිටියි.
පළාත් පාලන නිති රෙගුලාසිවලට අනුව නිල රථයකට හිමිකම් කිව හැක්කේ නගරික කොමසාරිස් හට පමණි.
එහෙත් මීගමුව මහනගර සභාව තුල නාගරික ලේකම් විසින් කොළපාට කැබ් රථය සෑම සති අන්තයකටම වාරියපොල ඇති සිය නිවසට යෑම සදහා භාවිත කරන බව නගර සභාව තුල ප්‍රසිද්ධ රහසකි.
එමෙන්ම නියෝජ්‍ය නාගරාධිපති විසින් භාවිතා කරන ලද සුදුපාට කැබ් රථය දැන් පාවිච්චි කරනු ලබන්නේ නියෝජ්‍ය කොමසාරිස්වරිය විසින්ය.
ඇය සෑම දිනකම දංකොටුවේ පිහිටි සිය නිවස වෙත යන්නේ මේ රථයෙනි.
එහි රියදුරා වන්නේ ටිරොන් නැමැත්තෙකි.
දිවුලපිටියේ පදිංචි නාගරික ඉජිනේරුවා දිනපතා ගෙදර යන්නේත් එන්නේත් නාගරික කොමසාරිස්භාවිතා කරන ලද කැබ් රථයෙන් වන අතර එහි රියදුරා වන්නේ පියල් නැමැත්තෙකි.
මීගමුව නගරයේ රථවාහන ගාල් කිරිමේ ගාස්තුව රු 20 සිට රු 50 ක් දක්වා වැඩිකරගත් නාගරික කොමසාරිස්වරයා දැන් සතෙන් සතෙන් එකතු කොට ඒවා යොදවන්නේ නගර සභාවේ උසස් නිළධාරින්ගේ සුඛ විහරණය වැඩිකරගැනිම සදහාය.
බදුගෙවන ජනයාගේ මුලික සේවා පහසුකම් සේවා පහසුකම් වලට හිතුගණන් බදු ගසා නගර සභාවේ ආදායම වැඩිදියුණු කරගැනිමේ පිපාසකින් පෙළෙන කොමසාරිස් පාලනය මීගමුව දිනෙන් දින අර්බුදයකට ගෙන යමින් තිබේ,
දේශපාලන අධිකාරිය මැදිහත්වි මෙය පාලනය නොකරන්නේ නමේ තත්වය තවත් බරපතල වනු ඇත.