නගරසභාව අරාජිකයි !නගරාධිපති වගකිවයුතුයි ! රොයිස් විජිත කියයි !

0
64

1අද (03) වනදා සවස පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ   නාගරික මන්ත්‍රි  කණ්ඩායම  විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
එහිදී ඔවුන් අවධාරණය කර තිබුනේ මීපුර වෙබ් අඩවියේ කර්තෘවරයාට පහරදුන්’ මැරයන්ගේ කාගේදැයි ඉතාපැහැදිලිව මාධ්‍ය ඉදිරියේ රටටම හෙළිකර ඇති බැවින් ඒ අය අත්අඩංගුවට නොගන්නේ මන්ද යනුවෙනි.
මීගමුව මහ නගර   සභාව තුළ සිදුවෙමින් පවතින දේශපාලන අරාජිකත්වය මේ තත්වය ඇතිවිමට තුඩු දි ඇති බවද මෙහිදි මතුකොට තිබුණු අතර මේ තත්වය දක්වා නගර සභාව පත්විමට නගරාධිපතිවරයා ද වගකිවයුතු බවත් මෙම පුවත් පත් සාකච්ජාවේදි මතුව තිබුණි. අංක තහඩු රහිත යතුරු පැදියක් නගර සභා භූමියට ඇතුල්වී මාධ්‍යෙව්දියෙකුට පහරදීමේ තත්ත්වයක් උදාකරවීම සම්බන්ධයෙන් එහි ආරක්ෂක අංශ වෙත දැඩි චෝදනා එල්ල කළ රොයිස් විජිත මන්ත්‍රීවරයා කියා සිටියේ දිගින් දිගටම සිදුවූ මෙවැනි  සිදුවීම් වලක්වාගැනීමට අදවන තුරු නොහැකි වි ඇති අතර මෙසේ සිදුවුවහොත් නගරාධිපතිවරයාට නගරාධිපති පුටුවේදීම වෙඩි කෑමට සිදුවිය හැකි බවයි.
මීපුර වෙබ් අඩවියේ කර්තෘවරයාට පහරදීම සම්බන්ධයෙන්  මේ වනතෙක් කිසිවෙක් අත්අඩං ගුවට ගෙන  නොමැති යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට  ගිහාන් ප්‍රනාන්දු, රවී ජීවානන්ද , හෙන්රි රොසයිරෝ  සජිත් මෝහන් ,  සංගීත් පෙරේරා යන මීගමුව නාගරික මන්ත්‍රිවරුන් සහභාගී වී සිටියහ.