නගරාධිපතිගේ අණින් මීගමු මහනගර සභාවේ දමිල සේවිකාවන් 3 ක් දොට්ට ?

0
62

Dayan-and-Farees-2මීගමු මහනගර සභාවේ ව්‍යාපෘති කම්කරුවන් ලෙසින් දමිල පරිවර්ථන කටයුතු සහ ඒවා පරිඝණක ගතකිරිමේ නියැලුන දමිල සේවිකාවන් තිදෙනෙකු  නගරාධිපති දායන් ලංසාගේ අණ පරිදි සේවය අත්හිටුවිමක් සිදුකර ඇතැයි වාර්ථා වේ.
නගරසභාවට ඇවැසි ප්‍රධානතම සේවාවක ප්‍රශස්ත ලෙසින් කටයුතු කරමින් සිටි මේ රූමත් තරුණ සේවිකාවන්ගේ සේවය අත්හිටවිමට නගරාධිපති කටයුතු කර තිබුනේ ඇයිද යන්න ගැන විවිධ කථා මේ වන විට තැන තැන කථා වෙන්නට පටන්ගෙනය.නගරාධිපතිගේ කැරැට්ටුව ගැන දන්නා බහුතරයක් තැන තැන නගරාධිපතිවරයාට එරෙහිව සිය අදහස් සෙමින් මුමුණති.
කෙසේ වෙතත් මේ එක් තරුණියෙකු නගරාධිපතිවරයාගේ මුහුණටම බැන ඇතැයිද කියැවේ.
මේ අසාධාරණ සිදුවිම ගැන සමස්ත කම්කරුවන්ම කම්පාවට පත්ව සිටියද නගරාධිපතිගේ දරදඩු පාලනය හමුවේ ඒ සැම මුණිවත රකිති.දමිළ බස කථා කරන මන්ත්‍රිවරුන් මේ දමිළ සේවිකාවන්ට සිදුව ඇති අසාධාරණයට එරෙහිව ගනු ලබන පියවරයන් මොනවාදැයි ප්‍රශතිශිලි සමාජය විමසා සිටි.ඒ මන්ත්‍රිවරුන් සැබැවින්ම ප්‍රගතිශිලින් නම් මේ දමිළ තරුණියන්ට සිදුව අවමානයට මෙන්ම අසාධාරණයටද එරෙහිව පෙරට පැමිණිය යුතුව තිබේ.