නගරාධිපතිගේ කුණු ව්‍යාපෘතිය නිසා කුට්ටිදූව යළි නොසන්සුන් !.

0
96

මීගමුව කුට්ටිදූව ගම්මානයේ ඉඳිකිරිමට සැලැසුම් කර තිබුන කසල කළමණාකරන වැඩපිලිවෙල ගැන දැවැන්ත විරෝධයක් ගම්වැසියන්ගෙන් පළවිමත් සමඟම එය අත්හැර දැමිමට නගරාධිපති දයාන් ලංසාට සිදුව තිබුණි.
එ අනු ඔහු ගම්වැසියන් හමුවේ කියා තිබුනේ ජනතාව අකමැති නම් එකි ව්‍යාපෘතිය ඉදිනොකරන බවය.ජනතාවට එසේ පවසා තිබුන නගරාධිපතිවරයා පසුව පැවැති මහසභාවේදි කියා තිබුනේ එය කෙසේ හෝ ඉදිකරන බවය.ජනතාව ඉදිරියේ කරන්නෙ නැ යැයි කියා සිටියේ දේශපාලන ට්‍රික් එකක් නිසා බවද පවසා තිබුණි.මේ පසුබිම තුල අදාල කොන්ත්‍රාත්කරුවන් අද පෙරවරුවේ කුට්ටිදූව ගමට පැමිණි විට ඉන් කලබලයට පත්වු ගම්වැසින් පල්ලියේ සීනු ගසා ජනයා රැස්කොට ජනතාව පෙළගස්වද්දි කොන්ත්‍රාත්කරුවන් පල්ලම් බැස එතනින් එවත්ව ගොස් තිබේ.