නගරාධිපතිගේ නිළ කාමරය අරක්ගත් මන්ත්‍රි දෙදෙනා සේවකයන්ට වාතයක් වෙලා.!

0
44

මීගමුව නගරාධිපතිවරයාගේ නිළ කාමරය ඇත්තේ ඔහුට සිය සේවය නිදහසේ කරගෙන යාමට විය යුුතුය.නගරසභා  නිලධාරින්ට මේන්ම සේවකයන්ටද එහි පැමිණ සිය රාජකාරිමය දැ පුද්ගලිකව කතිකා කරගැනිමට මේ ඉඩවෙන්ව තිබිය යුතුය,එපමණක් නොව නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙසින් නගරවැසියන්ට එහි පැමිණි සිය දුක්ගැනවිලි මෙන්ම අකටයුතු කම් ගැනද කියන්නට නිදහස් පරිසරයක් එහි විය යුුතුය.
එහෙත් දැන් ඒ නිදහස මේ නගරාධිපති කාමරය තුලදි සැමට අහිමිව ගොසිනි.
ඒ එහි සැමවිටක රැදි සිටින මන්ත්‍රිවරුන් දෙදෙනෙකු නිසාය.උපනගරාධිපති සකාවුල්ලා සහ කපිල නන්ද සුලෝචන යන මන්ත්‍රි දෙපල දැන් මුළු නගර සභාවටම වාතයක් වි ඇත්තේ නගරාධිපති නිළකාමරයට වි ඕනැ එකටයි එපා එකටයි හොට දමන නිසා යැයි අප අමතා කථා කළ බොහෝ දෙනෙකු කියා සිටිති.
නිලධාරින්ගේ මෙන්ම සේවකයන්ගේද එපමණක් නොව සමස්ථ බදුගෙවන ජනයාගේ නිදහස් අයිතිය සුරකින්නට නගරාධිපතිවරයා වහා පියවර  ගතයුතුව තිබේ.MC NGB