නගරාධිපතිගේ සැලැස්මක් නැති දඩිබිඩි වැඩ නිසා අමාරුවේ වැටුන කාමච්චෝඩේ අසරණ වෙළෙන්දෝ …

0
194

පාරට වැටුන වෙළෙන්දොමීගමුවේ වැඩකටයුතු කෙරෙන්නේ ජනතා අවැසිතා හෝ සංවර්ධන අවශ්‍යතා මුල්කොට ගෙන නොවේ. ඒවා සිදුවන්නේ අදාල දේශපාලකයන්ගේ සාක්කුවේ මුදල් හිඟනම් ඒ ගතමනාව සොයා ගැනිමට ගහන වංගුවක ප්‍රතිඵලයක් ලෙසින් සංවර්ධන ව්‍යාපෘති ලෙස නම් වු මාටියා පාරවල් එළියට පැමිණේ.
හදන්න මුදල් පවා නැති කිසිදු සැලැස්මක් නැති කාමච්චෝඩේ ඉපැරණි ඩඩ්ලි සේනානායක වෙළද පොළ බිමට සමතලා වන්නේ ඒ අනුවය.

හදන්න සල්ලිත් නැතුව ගොඩනැගිලි කඩන නගරාධිපතිලා

එහි නව වෙළද සංකිර්ණයක් ඉදිකරන බව නගරාධිපතිවරයා කිවද මරණයකට රුපියල් 5000 ක් දිගන්නටවත් බැරි තරමට මුදල් අර්බුදයක ගිලි සිටින නගර සභාවට ඒ සදහා මුදල් නැත.
මෙහි ඇති විකාරසහගත අනික් වැඩේ වන්නේ මෙසේ බිමට සමතලා කරන ලද කාමච්චෝඩේ ඩඩ්ලි සේනානායක ගොඩනැගිල්ලට මිටර් කිපයක දුරින් නිමල් ලංසා විසින් මිට වසර ගණනකට ඉහතදි පළාත් සභා අරමුදල් වලින් ඉදිකරන්නට යෙදුන එහෙත් තවමත් වැඩ නිමවා නැති විවෘත කරගැනිමට පවා බැරිවුන සතිපොල ගොඩනැගිල්ලක්ද තිබියදිය.

නිමල් ලංසාගේ කාමච්චෝඩේ සුදු අලියා

නිමල් ලංසාගේ නගරාධිපති මල්ලි දිනක් මේ සතිපොලට පැමිණ එය මාස 2 කක් ඇතුලත් වැඩනිමකරන බව කිවද ඒ කථාවටද දැන් වසර 2 කක් ආසන්න වෙමින් තිබේ.
පිස්සන්ට හැතැක්ම නැතිවා සේ මේ දේශපාලකයන් පිස්සන්ටත් එහාය.
කිසිදු සැලැස්මක් නැතිව නගරය විනාශ කරමින් සිටින්නේ තමන්ගේ සාක්කුව පමණක් පුරවාගැනිම සදහාය.

නගරාධිපතිගේ හිතුවක්කාර වැඩ නිසා අසරණ වු වෙළෙන්දෝ

මීගමුව පරණ ඩඩ්ලි සේනානායක වෙළඳපල පරණ වුවද කාලයක් තිස්සේ මෙහි වෙළඳාමේ යෙදී තම පවුල් නඩත්තු කළ මිනිස්සු ගැන කිසිදු කතාබහක් නගරයේ කොතනකවත් අසන්නට හෝ දකින්නට නැත .සංඛ්‍යාත්මකව 49 ක පමණ පිරිසක් විවිධ මට්ටමින් මෙහි වෙළඳාමේ යෙදී ඇත . ඉන් ස්ථිර වෙළෙන්ඳන් ලෙස නම්කර ඇත්තේ 24 ක පමණ පිරිසකි. අනෙක් ඉතිරි සියළු දෙනා බැහැර කිරීම සඳහා තර්කයක් නිර්මාණය කිරීම පාලකයින්ට අපහසු නොවීය . මන්ද සමහරු අතයට ගනුදෙනු මත වෙළඳාමේ යෙදුණු අය වූ බැවිනි.
ඩඩ්ලි සේනානායක වෙළඳපල කඩා බිමට සමතලා කොට අවසන්ය . එහි නම්කළ 24 දෙනාට තහඩු කඩ පේලියක් හදා ඒතුළ ගාල් කිරීමට කටයුතු යොදා ඇත. කඩ කැඩීමේදී සහ කඩ හැදීමේදී සිදුවන වංචාවන් පිළිබඳ ජනතාව හොඳින් දනිති. මෙම තහඩු කඩ සඳහා රු. ලක්ෂයක මුදලක් ගෙවීමට බල කෙරී ඇත.එමෙන්ම මාසිකව රු. 1000/ක මුදලක් කඩකුලී ලෙස ගෙවීමට සිදුව ඇත . මෙම ස්ථානය වෙළඳාම සඳහා සුදුසු තැනක් නොවන බව මේ වෙළෙන්දෝ බපවසති.
නමුත් ඔවුන්ට මෙම කඩ කාමර ගන්නා සේ බලකර ඇති අතර සමහර කඩ කාමරවල වහලවල් මේ අය විසින් තමන්ගේ වියදමින් තනාගෙන ඇති බව ඔවුන් පවසයි . මෙම ගොඩනැගිල්ල කඩන්නට පෙර මෙහි වෙළඳාමේ යෙදීසිටි වෙළඳුන් සමඟ යම් එකඟතාවයකට පැමිණිය යුතුව තිබුනු නමුත් එසේ සිදු නොවීය. ඔවුන්ට තාවකාලිකව හෝ තැනක් ලබාගැනීම පිළිබඳව කතා කිරීමේදී බිය වැද්දීම් සහ තර්ජනය කිරීම් තිබී ඇත . මේ සිදුවී ඇත්තේ පොදු දේපල මංකොල්ලයකි. එසේම මෙය පළමු අවස්ථාවද නොව .අවසාන අවස්ථාවද නොවන බව පැහැදිළිය. මීගමු නගරයේ ඕනෑතරම් ජනතා ප්‍රශ්ණ වෙනුවෙන් කතා කරන අය සිටින නමුත් මේ කිසිදු දේශපාලකයෙකු හෝ රාජ්‍ය නොවන සංවිධානයක් මේවා ගැන සංවේදී නොවීම කණගාටු දායකය.
ඒ තත්වය මත අද ඔවුන්ගෙන් සමහරු මහ පාරේ තම වෙළඳාම කරගෙන යති. තමන් ට වෙන්කරගත් කඩකාමරයට කුලියද ගෙවති. අසරණවී, බියපත්ව මේ කිසිවක් පිළිබඳව මැදිහත් වීමෙන් වැළකෙති. එසේම පාලකයෝ කිසිවක් සිදුනොවූ ආකාරයෙන් පැස්බරා වැල්ලේ හිස සඟවාගෙන සිටින්නාක් මෙන් සිටිති. නමුත් පශ්චාත් භාගය එළියේ බව අප ඔවුන්ට පවසන අතර මේ සිදුවීම් වල අවසානයක් කොයි මොහොතේ හෝ එලඹෙන බව මතක්කර සිටිමු .