නගරාධිපතිට විරෝධය පළ කරමින් මීගමුව මහනගර සභාව ආණ්ඩු පක්ෂය නැගිට යයි.

0
111

මෑත ඉතිහාසය තුල සිදුනොවුන බොහෝ දේවල් දැන් මීගමුව දේශපාලනය තුල සිදුවෙන්නට පටන්ගෙනය.තම පක්ෂයේ නගාරාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රිවරුන් ඊයේ සභා ගැබෙන් නැගිටි ගියේය.

නිමිත්ත වුයේ කොච්චිකඩේ  ප්‍රෙද්ශයේ දුම්රිය පල අසල පවත්වාගෙන යන බදාදා පොලය.අප විසින් අවස්ථා කිපයකදි හෙළිදරව්කළ පරිදි එහි අයිතිකරු වන්නේනද මීගමුව නගරසභාවේම ආණ්ඩුපක්ෂ මන්ත්‍රිවරයෙකි.කිසිදු නිතිමය අවසරයකින් තොරව මේ පොල දැන් වසර ගණනාවක සිට පවත්වාගෙන යන්නකි.

තතුඑසේව තිබියදි 2011 මැයි 04 වනදා මහසභාවේ අවධානයට යොමුකෙරෙන නිතිවිරෝධි පොළ ප්‍රශ්ණය ගැන නගරාධිපති හර්මන් කුරේරා නිසි ක්‍රියාමාර්ගයක් නොගැනිම හේතුකොටගෙන තමන් සියළු දෙනා සභාවෙන් නැගිට යන බව කියමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් නැගිට ගියේය.එක් අයෙක් පමණක් රැදි සිටියේය.ඒ බන්දුල නාඔටුන්න මන්ත්‍රිවරයාය.මේ පොල පිළිබදව චෝදනා එල්ලව  ඇත්තේද මේ මන්ත්‍රිවරයාටමය.

වසරගණානාවක් මතුනොකල මේ ප්‍රශ්ණය දැන් මතුකරන්නේ ඇයිද යන්න ගැටළුවකි.

ඊට පිළිතුර ඇත්තේ මීගමු තුල දැන් සිදුවෙමින් තිබෙන දේශපාලන බලපොරය තුළය.