නගරාධිපතිතුමෙනි කෝ බල්ටි??

0
58

මීගමුව නගරාධිපතිවරයා 2012 වසර අවසානයේදි කියා සිටියේ තමන් දැන් සිටින්නේ සංක්‍රාන්ති සමයක බවත් වැඩ පෙන්වන්නේ 2013  දි බවත්ය.
එමෙන්ම මීගමුවේ නගරාධිපතිවරයා තමන් බව සියළු මන්ත්‍රිවරු මෙන්ම නිළධාරින්ද දැනගතයුතු බවද හේ අවධාරණය කර සිටියේය.
2013 එළඹිනි.
තමන්ට නගරයේ අනවසර ඉදිකිරිමක් පවා  ඉවත්කර ගන්නට ඇති නොහැකියාව ඔහු රටට පෙන්වා දුන්නේය.
එමෙන්ම නගර සභාවේ ගස් මංකොල්ල කන්නට ඉඩදි ඔහේ බලා සිටියේය. මේ අනුව වසර ගණනක් පැරණි තේක්ක ගහ රැකගන්නට හෝ ඔහුට නොහැකි විය.
එපමණක් නොව මීගමුව ඇත්තටම පාලනය කරන කල්ලියේ god farther ගෙන් පවා මගේ වැඩ වලට ඇගිලි ගහන්න එන්න එපා  යැයි අහගන්නටද දැන් සිදුව ඇත.
විසිල් දැන් ඇති කෝ බල්ටි යැයි නගරාධිපතිගෙන් අසන්නට වන දිනය වැඩි ඈතක නැත.