නගරාධිපතිධූරය අර්බුදයක -ලංසා – ජයවීර ගැටෙති.

0
55

මීගමුව මහනගර සභාවේ විවිධ පිළ් බෙදිම්ය. මේ අතර අද ඉස්මත්තටම පැමිණ ඇති එක් ගැටුමක් වෙයි. එනම් දයාන් ලංසා සහ නගරාධිපති අතර මතුව ඇති අර්බුදයයි.

ඇන්ටනි ජයවීර මීගමුව නගරයේ ප්‍රධාන පුරවැසියා වුවත් ඔහුවද ගණන්  නොගෙන කටයුතු තැනට අද දායන් ලංසා පත්ව තිබෙන්නේ අවේලාවේ පවා නගරධිපති නිල කාමරය විවෘත කරගෙන එහි කටයුතු කරමිනි.

මේ අතර අවස්ථා ගණනාවකදිම නගරාධිපති වරයා සංඥාා නිකුත් කරමින් කියා සිටින්නේ තමන්ගේ මේ නගරයේ ප්‍රධාන පුරවැසියා බවයි.විශේෂයෙන්ම ගියවර මසභා රැස්විමේදි පවසා සිටියේ දැන් තමන් ගතකරන්නේ නොනගත කාලයක් බවත් ලබන වසර තමන් වැඩ අල්ලන ක්‍රියාකාරිම වසර බවත්ය.

එමෙන්ම මීගමුවේ නත්තල් පොල අරභයාද දැන් ගැටුම්කාරි තත්වයක් වර්ධනය වෙමින් තිබේ.මෙවර නත්තල් පොළේ ජයගග්‍රාහි ටෙන්ඩර් කරුගෙන් නගරයේ ඉතාම  හොද තැනකින් සැලකිය යුතු භූමි ප්‍රමාණයක් ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පිරිසක් විසින් ලබාගෙන ඇතැයි  ඒ අය විසින් චෝදනා කර තිබේ. ඉන් නොනවති එය  බරපතල අසාධාරණයක් ලෙස සලකා අල්ලස්  වංචා දුෂණ කොමිසමට පැමිණිල්ලක්ද කර ඇතැයි වාර්ථා වේ.

කෙසේ වෙතත් මේ නන්තල් පොලේ මේ දිනවල මතුවෙමින් ඇති අර්බුදයේ  හරි මැද ලකුණු වෙමින්  ඇත්තේද ලංසා සහ ජයවීර ගැටුම හරහාය.

පැවැති එජාප පාලන සමයේ නගරාධිපතිවරයා ධ්ුරයද අහිමිකරගෙන සිරගෙදර ලගින්නට වුයේ ද එම පක්ෂයේම නාගරික මන්ත්‍රිවරුන් පිරිසකගේ විශේෂ  මෙහෙයුමක ප්‍රථිපලයක් ලෙසිනි.රු 25,000 අල්ලස් මුදලක් ගත්තේය යන චෝදනාව මත එදා නිව්ටන් හෙන්රි නගරාධිපතිවරයාට බන්ධනාගාරගතවිමට සිදුවිය.