ඔහු මෙතෙක් සිටි 17 දෙනාටම වඩා වෙනස් අයෙකි.
ඒ ගැන අවැසි නම් විශාල ලයිස්තුවක් මෙහිලා සටහන් කළ හැක.
එහෙත් මෙවර අප මතුකරන්නේ එක් වෙනසක් ගැන පමණි.
එනම් මෙතෙක් සිටි නගරාධිපතිවරුන් 17 දෙනාගේ නිළඅවශ්යතාවන් සපුරා ගැනිමට ප්රමාණවත් වු නගරාධිපති නිළ කාමරය ඉඩ මදි යැයි කියමින් එය පුළුල් කිරිම සදහා සැලැස්මක් දැන් නගර සභාව තුල ක්රියාත්මකය.
ඒ සදහා ලක්ෂ 40 ක් පමණ වැය වනු ඇති බවද සැලය.
වත්මන් නගරාධිපතිවරයාට නගරයේ සංවර්ධනය කෙසේ වෙතත් අතදිග හැර මහනගර සභාවේ ඇති මුදල් සංචිත මෙන්ම මහජන බදුමුදල්ද වැය කිරිම සදහා පමණක් දැන් ලොකු නිළ කාමරයක් ඇවැසිව තිබේ.