නගරාධිපති කඩිමුඩියේ තණකොළ කපපු හේතුව හෙළිවෙයි !

0
203

RDA 4( 5.00 pm ) මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොළඹ මිගමුව පාරේ තෙල්වත්ත හංදියේ සිට මීගමුව රෝහල දෙසට මහා මාර්ගයේ මැද පිළිවෙලට  කොල පැහැතිව අගේට වවා තිබුණ තණකොළ සියල්ල කඩිමුඩියේම මිගමුව මහනගර සභා සේවකයන්වද යොදාගනිමින් ඉවත් කිරිමට නගරාධිපතිවරයා විසින් කටයුතු කර තිබිම හේතුව දැන් පැහැදිලිව ඇත.

තණකොළ ඉවත් කොට එහි අනුග්‍රාහ කොඩි සිටුවා ඇති අයුරු …

එනම් අපද නිවරදිම කලින්ම සටහන් කර තිබුණ පරිදි මැයි 06 වෙනිදාට මීගමුව මහනගර සභාව ඉදිරිපිටින් අවසන් විමට නියමිත වු ජාතික පාපැදි තරගයක් වෙනුවෙන් වු ප්‍රචාරක සංදර්ශණයන් සැලැසුම් වෙනුවෙන් මෙසේ ගැලවු තණකොල  මත අදාල පාපැදි තරගයේ අනුග්‍රාහක කොඩි සවි කර තිබුණි.
රු ලක්ෂ ගණනක් වැය කරමින් ලස්සනට සිටුවා තිබුණ තණකොළ මේ වන විට සියල්ලම ගලවා ඉවත් කොට තිබේ.
එහෙත් නගරාධිපතිවරයා සිය මුහුණු පොතේ සටහන් තබා තිබුනේ නගර අලංකරණය වෙනුවෙන් ඇවැසිව තිබුණ නඩත්තු කිරිම් මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින්ට දන්වා තිබුණද ඔවුන් ඒවා සිදුනොකළ නිසා මෙසේ තණකොළ ඉවත් කිරිම කළ බවය.