මීගමුවට අයිති එකම වෙරළ උද්‍යානය පසුගිය දිනවල නිතර සාකච්ඡාවට භාජනයවූ තේමාවක් විය . මීගමුව මහ නගරසභාවේ සභා රැස්වීම් ගත්තද එය එසේමය එයට ප්‍රධාන හේතුවක් වන්නේ මෙම වෙරළ උද්‍යානය තනි පුද්ගලයෙකුගේ වුවමනාව මත කලමණාකරනය වීමයි .එමෙන්ම එය තනි පවුලක් බුදයක් බවට පත්ව තිබිමයි.
ඒ අනුව ඔවුන් නගර සභාව තමන්ගේ බූදලයක් ලෙස සිතා කටයුතු කරති . මෙම වෙරළ උද්‍යානය පාලකයින්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය පෙන්නුම් කරන තවත් එක් අවස්ථාවක් පමණි .
මෙහි දැනට පවතින “ඒත්තුකාල වෙරළ උද්‍යානය ” යන නම වෙනුවට “මීගමුව වෙරළ උද්‍යානය ” යන නම යොදා ගත යුතුය යනුවෙන් ඉදිරිපත් කළ මේ යෝජනාව තුළ ඇති සැඟවුණු අවශ්‍යතාවයක් පවතීදැයි කසුකුසුවක් පවතී.
අද මෙම වෙරළ උද්‍යානය නඩත්තු වන ආකාරයට ඉහතකී කාරණය පැහැදිළිවේ. නමුත් මෙම යෝජනාව පළමුව ඉදිරිපත් කළ නියෝජ්‍ය නගරාධිපති වරයෙකු වූ ජෝන් මහතා ගෙන ආ ව්‍යාපෘති අතර මෙය ප්‍රධාන එකකි.
එකල එම දේශපාලන නායකයින්ගේ අරමුණු අනුව මෙහි මුදල් අයකිරීමක් සිදුවී නැත .
මිනිස්සු තම විවේක කාලය ගත කිරීම සඳහා නිදහසේ ආගිය තැනක් ලෙස මෙහි තිබී ඇත්තේ පොදු භාවිතාවකි. එය වෙනස් කලේද අද මෙහි නම වෙනස් කිරීමට යෝජනා කරන පුද්ගලයාගේ පියාය. ඇ
ඒ අනුව ඔහු ක්‍රමානුකූලව මෙම ස්ථානය තමන්ට මුදල් හම්බ කිරීම සඳහා මාර්ගයක් කර ගන්නා ලදී .
ඉතිහාසය අපට කියා දෙන පාඩම නම් නගරසභාව බුද්ධිමතුන් සහ උගතුන් අතට පත්වූ පසුව එය පොදු ජනතාවගේ යහපතට හේතුවූ බවත් , එය එසේ නොවී මුග්ධ පාලකයින් අතට පාලනය විතැන්වූ විට එය ජනතාවගේ අයහපතට හේතුවන බවත්ය.