නගරාධිපති දයාන් ලංසා අවසර දුන් ”නීති විරෝධි පාලම” ගමක් වතුරෙන් යටකරයි ?

0
96
නගර සභා නිලධාරින්ගේ නියෝග නොතකන ඉඩම් හිමියා
නගර සභා නිලධාරින්ගේ නියෝග නොතකන ඉඩම් හිමියා
නගර සභා නිලධාරින්ගේ නියෝග නොතකන ඉඩම් හිමියා

පෙරියමුල්ල පුවක්වත්තේ ජනයා මේ දිනවල නිදිවර්ජිතව රැයවල් පහන් කිරිමට සිදුව ඇත්තේ නගරාධිපති දයාන් ලංසා විසින් පුද්ගලික ඉඩමකට යැම සදහා විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකුට ඇලක් හරහා හදාගන්නට යැයි කියා ඇති පාලමක් නිසාවෙනි.IMG-20200902-WA0020IMG-20200902-WA0006
පළාත් පාලන නීති ප්‍රකාර කිසිදු අවසරයක් ගෙන නැති මේ දැවැන්ත පාලම අද ගම අපායක් බවට පත්කර ඇත.
අදාල ඉඩමේ අය විසින් මාධ්‍ය වෙත කියා තිබුනේ මේ පාලම ඒ අයගේ වියදමින් හදාගන්නට යැයි නගරාධිපති දයාන් ලංසා සහ TO රන්මුතු විසින් පැවසු බවය.
කෙසේ වෙතත් අදාල ප්‍රදේශය භාර තාක්ෂණික නිළධාරිණිය වන දිනිති මහත්මිය කියා සිටියේ මේ ඉඩම් අයිතිකාරයන් විසින් කිසිදු නිල අවසරයක් මෙවන් පාලමක් තැනිම වෙනුවෙන් මිගමුව මහනගර සභාවෙන් ලබාගෙන නැති බවය
මිගමු මහනගර සභාවේ නිලධාරින් වරින් වර අවස්ථා ගණනාවකදි මෙහි පැමිණ තිබුණද මේ නීති විරෝධි පාලම තවමත් කඩාදැමෙන පාටක් නම් නැති බව ප්‍රදේශාවාසින් පවසා සිටිති.
එයට හේතුව අදාල විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ විරෝධයයි
මේ නිති විරෝධි පාලම දෙපා ඇල හරහා ඉදිකිරිමට චෝදනා ලැබ සිටින්නේ මැක්ස් නම් වු සුනඛ සුරතලා පසුගිය වෙසක්ද පෝය දවසේ වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් දැනටමත් චෝදනා ලැබ සිටින විශ්‍රාමික පොලිස් අධිකාරි ක්ලෙමන්ට් නැමැත්තාය.
කෙසේ වෙතත මැතිවරණ සමය තුලදි ගෙවල් ගානේ ඡන්ද හිඟමනේ ගිය දේශපාලකයන් බහුතරයක් අද මේ පාලම් ප්‍රශ්ණය නිසා ගෙවල් යටවි දුක් විදන ජනයාගේ දුක දැකබලාගැනිමට පැමිණ නැත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here