නගරාධිපති පළාත් පාලන නීතිය උල්ලංඝනය කරලා -හිටපු විපක්ෂ නායක රොයිස් විජිත

0
56

අවශ්‍ය අවස්ථාවන් වලදී පොදු අවශ්‍යතාවයන් සදහා සභාවෙන් පිටත දේපල සභාව බදු ගැනීමේදී පලාත් පාලන නීතියට අනුව  ක්‍රියා කල යුතු බවට වු යෝජනාවක් පසුගිය 04 වැනිදා පැවැති මීගමුව මහා නගර සභා අප්‍රෙල් මස මහා සභාවට විපක්ෂයේ රොයිස් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රිවරයා  විසින් ඉදිරි්පත් කර තිබිණි.
එම යෝජනාවට අදාලව අදහස් දැක්වීමේදී මීගමුව දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් මීගමුව මහා නගර සභාව විසින් බදු ගෙන කඩ ලබා  දීමේදී කිසිදු විනිවිදභාවයක් නොතිබු බවට ප්‍රකාශ විණි.
එම යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වු රෝයිස් විජිත ප්‍රනාන්දු නාගරීක මන්ත්‍රිරවරයා සදහන් කලේ මීගමුව රාජපක්ෂ බ්‍රෝඩ් වේ මාර්ගයේ සහ ලංකා බැංකුව අසල පදික වේදිකාවන් වල පාරම්පරිකව වෙළදාමේ යෙදී සිටි වෙළෙදුන් 25 දෙනෙකුට තාවකාලිකව කඩ තනා දීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් පර්චස් 26 ක පමන ඉඩමක් රු.166,399/-  ක මුදලකට මාස 06 ක් සදහා ලබා ගැනීමට වු යෝජනාවක් ඉදිරිපත් වූ බවයි. ඒ අනුව එදා කඩ 25 ක් තනා ගැනීම සදහා මහා සභාවද අනුමැතිය ලබා දුන් නමුත් මේ වන විට එහි කඩ 25 ක් වෙනුවට කඩ 48 ක් පමන තනා ඇති බවත් ඔහු පැවසීය.
එලෙසම ඔහු පවසන්නේ මෙම කඩ තාවකාලික ලෙසින් යැයි ප්‍රකාශ කලද අද වන විට එහි තනා ඇති සමහර කඩවල් ස්ථීර කඩ ලෙස තනා ඇති බවත් සමහර ඒවා වායුසමීකරණය පවා කර සුපිරි මට්ටමට ඉදිකර ඇති බවත් ය. එමෙන්ම ඔහු අවධාරනය කලේ පලාත් පාලන ආයතන වල මුල්‍ය නීති රීති පවා උල්ලංගනය කරමින් නීති විරෝධීව මහා නගර සභාවේ ඝනකාධිකාරිවරයා මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවයි. එලෙසම වෙළෙදුන් 25 දෙනෙකු යැයි මහා සභාවෙන් අනුමැතිය ලබා ගනිමින් වෙළදුන් 48 දෙනෙකුගෙන් මුදල් අයකර මුදල් අයකර ලදුපත් නිකුත් කිරීම, එලෙසම කඩ 25 ක් යැයි මහා සභාවට පවසමින් කඩ 25 ක් තැනීමට අවසර  ගෙන තවත් වැඩිපුර කඩ 23 ක් එනම් කඩ 48 ක් තැනීමටත් ඒවා වලට විදුලිය ලබා දීමට අවසර දීම ද මෙම පලාත් පාලන නීති රීති උල්ලංඝනය කිරීමක් බවද ඔහු අවදාරනය කලේය.
යම් කාලකදී මේ පිලිබදව ඉහල රජයේ ආයතන විසින් විගඝණන පරීක්ෂනයක් සිදු කල හොත් එදිනට ආන්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද වගකිව යුතු වන බවට ඔහු මෙහිදී අවධාරණය කලේය.