නගරාධිපති සහ කපිල ගැටේ ?

0
63

ජනවාරි 04 දා මීගමුව මහා නගර සභාවේ පැවැති ජනවාරී මස මහා සභා රැස්වීමේදී ආන්ඩු පක්ෂයේම නාගරික මංත්‍රිවරයෙක් වන කපිල නන්ද සුලෝචන මංති්‍රවරයා සමඟ නගරාධිපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය. 2012 වසර සඳහා මහා සභාවේ මංත්‍රිවරුන්ගෙන් සැදුම්ලත් කාරක සභාවලට සභිකයින් තෝරා පත් කර ගැනීම මෙම මාසික සභා රැස්විමේදී ප්‍රමුඛ කාර්යයක් බවට පත් වී තිබුණි. එම අවස්ථාවේ මුදල් , සෞඛ්‍ය සහ කර්මාන්ත කටයුතු පිලිබඳ කාරක සභා වලට සභිකයින් තෝරා පත් කර තිබුනූ අතර ක්‍රිඩා හා තරුණ කටයුතු සම්බන්ධ කාරක සභාවට සභිකයින තෝරා පත් කර ගැනීමට නියමිතව තිබිණි.

එහිදී නගරාධිපතිවරයා පවසා සිටියේ වෙනත් කාරක සභා වලට පත් වූ නාගරික මංත්‍රිවරුන් මෙම ක්‍රිඩා හා තරුණ කටයුතු කාරක සභාවට පත්ව ඇති නම් ඉල්ලා වන ලෙසයි. එලෙස ඉල්ලා අස්වී ඊට පහතින් අඩු ඡන්ද ලබා සිටින වෙනත් කාරක සභා වලට නොතේරුණු මංත්‍රිවරුන්ට අවස්ථාවක් දෙන ලෙස නගරාධිපතිවරයා ඉල්ලීමක් කලේය. එහිදී කපිල නන්ද සුලෝචන මංත්‍රිවරයා නැගී සිට ප්‍රකාශ කලේ ඡන්දයෙන් සභිකයන් ලෙස තේරී පත් වූ මංත්‍රිවරුන් ඉල්ලා අස්වුවද ඊට පහලින් සිටින මංත්‍රිවරුන්ව කාරක සභා වලට පත් කිරීමට නගරාධිපතිවරයාට නගර සභා අඥා පනත අනුව කල නොහැකි බවත් එසේ කරන්නේ නම් එය නිති විරෝධි පත් කිරීමක් බවයි. එහිදී නගරාධිපතිවරයා  කපිල මංත්‍රිවරයා අමතා කියා සිටියේ මෙතන අඥා පනත පදනම් කර නොගන්නා ලෙසයි. එහෙත් මෙම ක්‍රියාවලිය නගර සභා අඥා පනත අනුව  නීතී විරෝධී බවට තරයේම ප්‍රකාශ කල කපිල මංත්‍රිවරයා නගරාධිපතිවරයා සමඟ උනුසුම් වචන හුවමාරුවක් සිදු විය. එහිදී කපිල මංත්‍රිවරයා තරයේම ප්‍රකාශ කර සිටියේ මෙම සභාවේ මංත්‍රිවරයෙක් ලෙස තමන්ට හිමි ප්‍රශ්නයක් ඇසිමේ මංත්‍රි වරප්‍රසාදය අනුව තමන් මෙම නිතී විරෝදී ක්‍රියාව පිලිබඳව සභාව දැනුවත් කිරීමට උත්සුක වු බවයි.  එහෙත් නගරාධිපතිවරයා මංත්‍රිවරයාගේ එම ප්‍රකාශය එකහෙලාම නොපිලිගනිමින් තරයේම ප්‍රකාශ කලේ කපිල මංත්‍රිවරයා සෑම විටම නගර සභා අඥා පනත පදනම් කර ගෙන මෙම සභාවේ කටයුතු පවත්වා ගෙන යාමට බාධා කරන බවයි.

ඉන් අනතුරුව වු දෙබස් අතර විවිධ පුද්ගලික දෑද නගරාධිපතිවරයා විසින් එක් කළ අවස්ථාවේ කපිල මංත්‍රිවරයා ප්‍රකාශ කලේ ඒකාලේ නම් ඔබතුමාට අපි හොඳයි , දැන් තමයි අපි නරක යනුවෙනි.

එමෙන්ම —කාගේ කාගේ පැටිකිරියන් විස්තර සහිතව මටත් කියන්න පුළුවන් යැයි අභියෝගයක්ද කපිල මංත්‍රිවරයා විසින් සභාව හමුවේ තබන ලදි.

සරත් සහ ලංසා පිළ යනුවෙන් දෙකට බෙදි ඇති  මීගමුවේ ආණ්ඩු පක්ෂය තුල කපිල යනු සරත් පිළේ සිටින දක්ෂතම ප්‍රහාරකයාය.

මහනගර සභාව පත්ව මේ ගෙවෙමින් ඇත්තේ තෙවන මාසයයි. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමේ දැකගත හැකිවේ.