නගරාධිපති හොරෙන්ම රට යයි ! වැඩබලන්න දුන්නේ නැතැයි නියෝජ්‍ය කියයි !

0
63

FB_IMG_1524641055111මීගමුව මහනගර සභාවේ නගරාධිපති මොසෙස් ලංසා විධිමත් ලෙසින් අදාල බලධාරින් වෙත නොදන්වා විදේශගතව ඇතැයි වාර්ථා වේ.
නගර සභාවේ මෙතෙක් පැවැති සම්ප්‍රදාය වි තිබුනේ නගරාධිපතිවරයා විදේශ ගතවන විට වැඩබැලිම නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත ලිඛිතවම පවරා යාමය.
එහෙත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි නියෝජ්‍ය නගරාධිපති ෆරිස් මහතා කියා සිටියේ වැඩබැලිම සදහා තමන් වෙත කිසිදු වගකිමක් භාර නොදිම නගරාධිපතිවරයා විදේස්ගතව ඇති බවය.
මේ සම්බන්ධයෙන් අප ෆරිස් මන්ත්‍රිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු පවසා සිටියේ නගරාධිපතිවරයා අද පෙරවරුවේ යැමට නියමිත ඇති බව ගැන ආරංචියක් ඇති බවය.
එහෙත් ඇත්තටම නගරාධිපති මෝසෙස් ලංසා පිටත්ව ගොස් තිබුනෙ ඊයේ දවල් වරුවේය.
මින් කියැවෙන්නේ අඩුම තරමින් නියෝජ්‍ය නගරාධිවරයාවත් නොදන්නා බවය.
කොට්ටාශ මට්ටමින් අනත්ත පරාජයකට ලක්වු  පොහොට්ටුව මිගමුව නගරයේ බලය උදුරා ගත්තේ ෆරිස් ප්‍රමුඛ ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් 5දෙනෙකුගේ සහය මතිනි.
තතු එසේ වුවද තමන්ට නගරාධිපති ඔටුන්න පැළදු ශ්‍රිලනිප නියෝජ්‍ය නගරාධිපතිවරයාට වැඩබැලිමට භාරනොදි යාමට තරම් මොසෙස් ලංසා කුහකයෙකු වි ඇතැයි නම සදහන් කිරිමට අකමැති වු ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙකු මිපුරට පවසා සිටියේය.
නියෝජ්‍ය නගරාධිපති ෆරිස් හට වැඩ බැලිම නගරාධිපතිවරයා විසින් සදහා ඇරයුම් නොකිරිම  පිටුපස මුස්ලිම් දේශපාලකුයෙකු සිටින බව වඩාත් විශ්වාසදායක ආරංචි මාර්ග විසින් දක්වා සිටි.