බස්නැවතුම නිම කිරිම සදහා වසර 3 කටත් අධික කාලයක් ගතවිම හේතුකොට ගෙන මීගමුවේ බස් කර්මාන්තයට මරු පහරක් එල්ල විය.එමෙන්ම රටේ ජිවන බර ඉහලයාමත් සමගින් විශේෂයෙන්ම වායු සමනය කරන ලද බස් රථ කර්මාන්තය බරපතල පසුබෑමකට ලක්ව තිබේ. මේ අනුව මීගමුව තුල පමණක් දිනකට වායු සමනය කළ බස්රථ 15 ක් ධාවනයයෙන් ඉවත් කරන්නට සිදුව තිබේ.
ඇත්ත තත්වය එසේව තිබියදි බස්නාහිර පළාත් සභාවේ ප්රවාහන ඇමැතිවරයා පවා නොදැන මීගමුවේ සිට කොළඹ හරහා මොරටුවට බස් රථ සේවාවක් ආරම්භ කිරිම සදහා පැවැති සැලැස්මකට මීගමුවේ වායුසමනය කරන ලද බස් රථ හිමියන්ගෙන් පැන නැගුන විරෝධය හමුවේ මීගමුව ආසන සංවිධායක ඇමති සරත් ගුණරත්න මහතා අදාල වගකිව යුතු පාර්ශවන් සමගින් සාකච්ජා කොට මේ බස් යෙදවිම නවතා ඇත.