නගර පාලකයෝ සහ පදික වෙළෙන්දෝ…

0
139
පදික වේදිකාවේ වෙළදාම
පදික වේදිකාවේ වෙළදාම

මීගමුවේ   මැජික්  වැඩ  නිතර  සිදුවන   නගරයකි. සමහර  නිලධාරීන්   තම  නිලය   භාවතා  කරන්නේ   නගරයේ  අවශ්‍යතාව  මත  නොවන  බව  පෙනේ. එනිසා  අපිට   නැවතත්   පැරණි  තැටියම   වාදනය  කරන්නට  සිදුවීම  කණගාටුදායක  කාරණයකි.  පදික වේදිකාවේ   කරන  වෙළදාම  සම්බන්ධව  අප  නිතර   දැනුවත්  කළද  පාළකයෝ  නිහඩය. එය   බීරි  අලින්ට  වීණා   වාදනය    කිරීමකි.  කච්චේරිය   අසළ  සෙරෙප්පු    වෙළදාම   ගැන  අප  නිතරම  සදහන්  කරමින්   ලිපි  පළ  කරන ලදී.   කොමසාරිස්  ඇතුළු    බලධාරීන්   දැනුවත්කරන  ලදී. දින  කිහිපයකට  උඩදී    මෙහි  සෙරෙප්පු  වෙළදාම  නතර  කරන  ලදී.  ආපසු  නැවත  වරක්    මෙම  ස්ථානයේ   සෙරෙප්පු  කඩයක්   කිරීමට    ඉඩදී  ඇත.  කොමසාරිස් වරයා   මීට  පෙර වරක්  සදහන්  කළේ   ඔවුන්   අසරණ   මිනිස්සු  බැවින්   මේ  සදහා   ඉඩ  දිය යුතු  බවයි.   තවත්  වරෙක  කීවේ  මේ  පිළිබදව  පැමිණිල්ලක්    නොලැබුනු  බැවින් ,  ඒ සදහා  ක්‍රියාත්මක  නොවුන   බවයි.  මේ    විහිළුවටද?  නැත්නම්  ඇත්තටදැයි   අසන    දරුවන්ගේ    සෙල්ලමක්  වැනි  දෙයකි. අපට  කිවහැක්කේ   එක්  දෙයකි.      නගරයේ   සිදුවන   මෙවැනි   වැරදී  සහගත  ක්‍රියාවන්   පාලනය   කිරිමට  අසමත් වන්නේ නම්     නගර  සභාවක්  කුමටදැයි   වගේම   පාලකයෙකු  කුමටදැයි  කියා   අසන්නට  සිදුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here