නගර සභාවට එරෙහි කුණු කැරැල්ලෙන් දිනන්නේ කව්ද ?

0
87

මීගමුවේ කොච්චිකඩේ ඔවිටියාවත්තේ කුණු වලට කුණු බෑම සම්බන්ධයෙන් දැවැන්ත විරෝධයක් ඒ ප්‍රදේශයේ ජනතාව දියත් කොට තිබේ.
දැන් එයට සතියකුත් පිරෙමින් තිබේ.
ඔවුන් කියා සිටින්නේ නගර සභාවෙන් ටෙන්ඩර ගෙන ඇති අය විසින් කිසිදු ප්‍රමිතියකට අනුව කුණු කසල මෙම ස්ථානයට බැහැර නොකිරිම නිසා දරන්නට බැරි දුගදක් ප්‍රදේශය පුරා පැතිර යමින් ඇති බවය.නගර සභා බලධාරින් විසින් ප්‍රදේශවාසින් කුණු දැමිමට බාධා කරනවා යැයි කියමින් කරණ ලද පැමිණිල්ලට අනව ක්‍රියාත්මකව ඇති අධිකරණයද පවසා ඇත්තේ මේ කුණු කසල ප්‍රශ්ණයට නගර සභාව විසින් විධිමත් වැඩපිළිවෙලක් සකස්කරගත යුතුව ඇති බවය.
මේ නිසා ජනතාව පැත්තෙන් ඇති පිඩාව සලකා බලා පාප්තුමන් සිටින දින කිපය තෙක් පමණක් ඒ ප්‍රදේශයට කුණු දමන්නට අවසර ලබාදුන්නේය,
පාප්තුමන් දැන් පිටත්ව ගොසිනි.අධිකරණයේද නියමය පරිදි දැන අනිවාර්යෙන්ම ස්ථිර පිළියමක් කුණු කළමණාකරණය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.kunu issue 4
මීගමුවේ දේශපාලන අධිකාරිය යනු නගරයක් පාලනය කිරිමට තරම් පරිචයක් ඇත්තෝ නොවෙති. ඔවුන්ගේ කණ් ඉස්සෙන්නේ කොමිස් දකින විටදි පමණි.
නගරයේ ප්‍රධාන ප්‍රශ්ණ විසදමට කිසිදු විධිමත් වැඩපිළිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක නැත.
මේ නිසාම කුණු කසල ප්‍රශ්ණය මෙන්ම නගරයේ මළඅපවහන වැඩපිළිවෙලද දැන් තිබෙන්නේ බරපතල අර්බුදයකය.
වඩාත් සිනායන කරුණ වන්නේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයෙද් මන්ත්‍රිවරුන්  රොත්තක්ම මැලේසියාවට ගොස් තිබුනේද කසල කළමණාකාරණය ගැන ඉගෙන ගන්නටය.මේ අනුව ඉදිරියේදි මීගමුව කුණූ වලින් පමණක්නොව අසුචි වලින්ද පිරියන්නට නියමිතව ඇත..