නගර සභාවෙන් පඩි අරන් ත්‍රීවීල් හයර් යන සේවකයෝ

0
130

මීගමුව මහනගර සභාවේ දේශපාලනි කරණය  කොයිතරම් නම් ඉහවහා ගොස්  ඇතිදැයි තේරෙන්නේ එහි ඇතැම් සේවකයන් නගර සභාවෙන් පඩි අරන් ඇතැම් දිනවල පොත අත්සන් කර අමතර අදායම් සදහා ත්‍රිවිල් එලවන බවට වු කථා ගැන එක් සත්‍ය කථාවක් කීමටය..
පසුගිය දිනක මේ ත්‍රිවිල් එකක නැගි පැමිණි විශ්‍රාමික හමුදා නිළධාරියෙකුගේ මුදල් පසුම්බියක් නැතිවි ඇති අතර මේ ගැන විමසිම සදහා මේ තැනැත්තා නගර සභාවටද පැමිණ ඇත.
කෙසේ වෙතත් ත්‍රිරෝද මෙහෙයුමේ යෙදි සිටින සෞඛ්‍ය කම්කරුවන් ගැන එහිදි කඩමින් විමසා බැලිණි.පසුව අදාල තැනැත්තාට  දුරකථන ඇමැතුමක් ලැෙබ්. ඒ සෞඛ්‍ය අංශයේ ත්‍රිවිල් කම්කරුවෙකුගෙනි.පසුබිම්බියේ වු මුදල් ගැන කිසිත් නොකි ත්‍රිරෝද රියදුරා මේ විශ්‍රාමිකයාගේ ලියවිලි ගැන නම් පවසා තිබේ.
මේ විශ්‍රාමික හමුදා නිළධාරියාගේ විශ්‍රාමික හැදුනුම්පත ලැබුන බව සැලය.
මේ විස්තරාත්මක සටහන තබන්නට හේතුවුයේ  නගරසභාවේ ආරාජිකත්වයේ තරම සටහන් කර තබනු පිණිසය.