( 4.30 pm ) කලින් හිටපු කොමසාරිස්වරිය නීතියට වැඩ කිරිම නිසාවෙන් ලංසා පවුලට මහනගර සභාවේ දේවල් වලට ඇඟිලි ගසන්නට කිසිදු ඉඩක් ලබා දුන්නේ නැත
එසේ කළ වුන්ටද පළාත් පාලන නීතිය ප්රකාර නිසි දඩුවම් නියම කර තිබුණි.
එහෙත් නව කොමසාරිස්වරියගේ පැමිණිමත් සමගින් දයාන් ලංසා හිතුමතේ දැන් කටයුතු කරන්නට පටන් ගෙන තිබුණි
කොමසාරිස්වරිය වැඩ භාරගෙන පැය 8 ක් යන්නටත් මත්තෙන් මහ නගර සභාවේ කොඩි කණු දයාන් ලංසා විසින් ඔවුන්ගේ හිතවතෙකුගේ මළගෙදරට රැගෙන ගොස් තිබුණි. දින 3 ක් යනතුරුත් ඒවා නැවත භාර දි නොතිබුණි.
මේ අතර දයාන් ලංසලාට හිතවත් ඔවුන්ගේ ආවතේව කම් කළ කම්කරුවන් නගර සභාවේ අත්සන් කර රස්සියාදු ගහමින් සිටින බවද නගර සභා සේවකයෝම කියා සිටිති.
ක්ෂේත්ර කම්කරුවන් දෙදෙනෙකු පසු ගිය දින කිපය තුල දයාන් ලංසාගේ නිවසේ තීන්ත ගෑම සදහා ගොස් සිටියදි අද අතටම මාට්ටු වි ඇති බව නගර සභා ආරාංචි මාර්ග දක්වා සිටි.
ප්රධාන ලිපිකරු මෙන්ම විගණන අංශය පවා මේ විනය විරෝධි කටයුත්ත ගැන දැඩි ආවධානයක් යොමු කර ඇතැයිද වාර්තාවේ
දැන් ගැටළුව ඇත්තේ නව කොමසාරිස්වරිය මේ සම්බන්ධයෙන් ගන්නා ක්රියාමාර්ගය කුමක්ද යන්නයි .
ලංසා පවුලේ රැඟිලි නැවැත්විමට කොමසාරිස්වරිය දැන්වත් කෙලින් තීරණ ගත යුතුව ඇතැයි නගර සභාවේ බහුතරයක් සේවක සේවිකාවෝද කියා සිටින බවද සැලය
එසේ නොකරන්නේ නම් දැනමටත් ඇයට වැදි ලංසාවාදි යැයි කියන ලේබලය පවා ගලවා ගැනිමට නොහැකි තවත් අර්බුදයක් ඇය විසින්ම නිර්මාණය කර ගනු ඇතැයි තතු දන්නෝ කියා සිටිති.