පසුගිය ජනාධිපතිවරණයේදි මෙන්ම පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදිද මිගමු මහනගර සභාවේ සේවකයන් 10 දෙනෙකු පමණ නිමල් ලංසාගේ මැතිවරණ කටයුතු වල නියැලි තිබුනේ මහනගර සභාවට දිනපතා පැමිණ ඇඟිලි සලකුණු තබා සේවයට වාර්තා කිරිමෙන් පසුවය.
මේ සම්බන්ධයෙන් මිපුර වෙබ් අඩවියද අවස්ථා කිපයකිදම කරුණු දක්වා තිබුන අතර තවත් පැමිනිලි කිපයක්ද නගාරික කොමසාරිස්වරිය වෙත ලැබි තිබුන බවද සැලය.
,ඒ අනුව ක්රියාත්මක වු නාගරික කොමසාරිස්වරිය මේ පිරිසේ 8 දෙනෙකුගේ වැටුප් අත්හිටුවා තිබුණි.
වෘත්තිය අචාරධර්ම සහ නිතියට පටහැනිව ක්රියාකර ඇති මේ සේවකයන්ට එරෙහිව නිතිය අකුරටම ක්රියාත්මක කරනු ඇතැයි බොහෝ දෙනා බලා සිටිති.