නගර සභාවේ අක්‍රමිකතා ගැන වැඩබලන විපක්ෂනායක නිහඩ ඇයි ?

0
98

පසුගිය සති කීපයකට පෙරදී මීගමුව නගර සභාව විසින් පවත්වාගෙන යන කොච්චිකඩේ බදාදා රාත්‍රී පොළ සම්බන්ධයෙන් කරන ලද වෙනස්කිරීම පිළිබදව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ද  නිසි එකගතාවයක් නොතිබුණ බව අපට වාර්තා විය. මෙම තීන්දුව පළාත්සභා ඇමතිවරයෙකුගේ දැඩි උවමනාව මත නගරාධිපතිවරයා හරහා සිදුවු  බව ද වාර්තා විය.

කොච්චිකඩේ පොළ තිබූ ස්ථානයෙන් වෙනස් කර ටෙන්ඩර් ගිවිසුම අහෝසි වීමටත් පෙර ටෙන්ඩර් කරුගෙන් ඉවත්කර නැවත  නගර සභා පාලනයට ගැනීම නගර සභා අඥාපනතේ සම්ප්‍රදායන් වලට පටහැනිව සිදුවීමත් මෙම ක්‍රියාව දූෂිත ක්‍රියාවක් බව පෙන්නුම් කරයි. ඉන් පසු ගෙවුණ  සති 3ක කාලයක් දී කොච්චිකඩේ බදාද පොළෙන් බදු මුදල් එකතු කර ඇති අතර එම මුදල් නගර සභාව හරහා  සිදුවී නොමැති බවද වාර්තාවේ. එසේ නම් මෙම බදු මුදල්  අත යට එකතුකිරීමක් සිදුවිය යුතුය.

මේ ගැටළුව සම්බන්ධයෙන් අප මීගමුව විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ  වැඩබලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේදී දැනට සතියකට පමණ පෙරදී ඔහු කියා සිටියේ ‘‘ මම තවරමත් කොච්චිකඩේ පොළේ සිද්ධිය ගැන දන්නේ නැහැ කියායි.“  පසුගිය 27 වනදා මුදල් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී    මෙම කොච්චිකඩේ  පොළ සම්බන්ධ සිදුවීම සාකච්ඡා වූ  අවස්ථාවේද කැලිසන් ජයකොඩි මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස ප්‍රකාශ කිරීමෙන් වැලකී සිට ඇත ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here