නගර සභාවේ කෂේත්‍ර නිළධාරින්ට දුන්න යතුරු පැදි දැන් පදින්නේ පුතාලයි, නෝනලයි ?

0
70

Motor1-DAVEEK LANAIමීගමුව නගර සභාව තරම් දූෂිත වු මහනගර සභාවක් මේ රටේ නැති තරම්ය.ඒ දේශපාලන අධිකාරිය මෙන්ම හරි හරියට පරිපාලන අධිකාරියද මහජන දේපොල් කිසිදු හිරිකිතයකින් තොරව කොල්ල කමින් තිබෙන නිසාය.
මීගමුව මහනගර සභාවේ ක්ෂේත්‍ර නිළධාරින්ට යැයි කියා දි ඇති යතුරු පැදි දැන් පාවිච්චි කරන්නේ ඔවුන් පුතාලා සහ නෝනාල යැයි බරපතල චෝදනාවක්ද මේ වන විට අතැම් නිළධාරින්ට එරෙහිව එල්ල  වි තිබේ.
තාක්ෂණ නිළධාරියෙකු වු රන්මුතු නැමැත්තා මීගමුව මහනගර සභාවේ නමගිය කොමිස් කප්පිත්තෙකි.
මේ නිළධාරිය වෙත මහජනයාගේ බදු මුදලින් රු 35000 කට ආසන්න මාසික ගමන් වියදම් දිමනාවක්ද හිමිය.
ඒ සදහා ඔහු විසින් වෙනත් වාහනයක අංකයක් යොදා එකි වාහනය තමන් විසින් වැඩබිම් පරික්ෂාවට භාවිතා කළ බව කියන්නට පසුබිම සකසාගෙන සිටි.
එහෙත් ඇත්තටම සිදුවන්නේ රන්මුතු මේ සියළු ක්ෂේත්‍ර පරික්ෂාවන් සදහා යනුයේ මහනගර සභාවේම වාහන වලනි.
තතු එසේව තිබියදි ඔහුටද යතුරුපැදියක් ලබා දි තිබුණද එය භාවිතා කරනු ලබන්නේ ඔහුගේ බිරිද විසින් යැයි බරලතල චෝදනාවක් ඔහුට එල්ලවි තිබේ.
මේ ආකාරයෙන්ම තාක්ෂණ නිළධාරි බණ්ඩාර නැමැත්තාටද රු 35000 ක් ගමන් විදයම් දිමනා ලෙසින්  ලැබෙද්දි ඔහු සිය මෝටර් රථය භාවිතා කළ බව කියමින් ඒ මුදල ලබාගනි.ඔහුට ලබාදි ඇති යතුරු පැදියට සිදුවු දෙයක් නොදන්නා තරම්ය.
එහෙත් බොහෝ විට මේ අය වැඩබිම් පරික්ෂාව සදහා යන්නේ නගර සභාවේ නිළ රථවලිනි.
කෂේත්‍ර නිළධාරියෙකු නොවුනද දායන් ලංසාගේ අතිජාත මිතුරෙකු වන මීගමුව ගිනි නිවන ඒකකයේ සමන් විජේසිංහ නැමැති නිළධාරියාටද මේ ආකාරයෙන් යතුරු පැදියක් ලබාදි ඇත.එහෙත් ඔහු සිය සේවාවන් සදහා භාවිතා කරනු ලබන්නේ ගිනිනිවන අංශයේ ඇති රතු පාට කැබ් රථයයි.
තතු එසේව තිබියදි මේ යතුරු පැදිය බොහෝ අවස්ථාවලදි දැන් භාවිතා කරනු ලබන්නේ සමන් විජේසිංහ මහතාගේ පුතා විසිනි.
මේ අකාරයෙන් දේශපාලන අධිකාරියේ ආවතේව කම්කරන මීගමුව මහනගර සභාවේ නිළධාරින් අතිබහුතරයක් දෙනා ලක්ෂ ගණින් මහජන බදුමුදල් වංචා කරමින් සිටිති.
අවසනාව වන්නේ මේවා ගැන නිරත්තරයෙන්ම මතුකොට සොයා බලා කටයුතු කරන්නට තරම් නුවණක් හෝ උවමනාවක් විපක්ෂයට නොමැති විමයි.