නගර සභාවේ කැමරාවක් ඇතුළු භාණ්ඩ රැසක් අස්ථානගතයි ? චෝදනාව ලංසාට !

0
287

 

2022 වසරේ මීගමුව මහා නගර සභාව විසින්  මිලදීගත් වටිනා කැමරාවක් සහ ඊට අදාළ උපාංගද එලෙසම ලැප් ටොප් පරිගණක 02 ක් සහ ඩෙස්ක් ටොප් පරිගණකයක්ද ඇතුළුව ලක්ෂ 25 ක වටිනාකමින් යුත් භාණ්ඩ මේ වනවිට නගර සභාවට අහිමි වී ගොස් ඇතැයි වාර්තා වේ.

       මෙම විශේෂ හෙළිදරව් කිරීම සිදු කළේ මීගමුව මහ නගර සභාවේ  හිටපු නාගරික මන්ත්‍රීවරයකු වු කපිල නන්ද සුලෝචන  විසිනි.
        ඔහු වැඩිදුරටත් කියා සිටියේ  මහ නගර  සභාවට රුපියල් ලක්ෂ පහලවත් වැය කරමින්  වටිනාකමින් යුත් කැමරාවක් අනෙකුත් උපාංග  මිලදී ගැනීමට යෝජනාවක් ගෙනා අවස්ථාවේදී තමන් ඇතුළු නාගරික මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඒ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කළ බවය

 මහ නගර සභාවේ මාධ්‍ය ඒකකයක් පවා  ස්ථාපිත කර නොමැතිව එතරම් වටිනාකමකින් යුත් කැමරාවක් මිලදී ගැනීම මහජන මුදල් නාස්ති කිරීමක් ලෙස මෙයට එරෙහි වු මන්ත්‍රිවරුන් පෙන්වා සි තිබුණි.

.කෙසේ වෙතත් මහ නගර සභාව කැමරාව ඇතුළු අනෙකුත් පරිගණක ද මිලදී ගෙන තිබුණි.
              නගර සභාවක් සතුව පවතින බඩුබාහිරාදිය කිසිවක් නගරාධිපතිවරයාට හෝ නාගරික මන්ත්‍රීවරයකුට හෝ තම පුද්ගලික අභිමතය පරිදි භාවිතා කිරීමට මහ නගර සභාවෙන් පිටතට රැගෙන යෑම නීති විරෝධී තහනම් කටයුත්තක් මන්ත්‍රිවරයා සදහන් කර  සිටි

.
                මේ පිළිබඳව අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා මීගමුව පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීමකදී  මීගමුව නගරික කොමසාරිස්වරිය ලිඛිතව පොලිසියට ලබා දී තිබුණ ලිපියේ සඳහන් වන්නේ කැමරාව සහ එහි අනෙකුත් ආම්පන්න ඇතුළු මෙම පරිගණක යන්ත්‍ර හිටපු දයාන් ලන්සා නගරාධිපතිවරයාට ලබා දී ඇත්තේ මහා නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ අනුමැතියකින් හෙවත් සභා අනුමැතියකින් බවය.

කපිල නන්ද සුලෝචන මන්ත්‍රීවරයා පවසන්නේ එය එසේ නොවන බවය

මෙම කැමරා ආමිපන්න ඇතුළු  පරිඝනක යන්ත්‍ර  හිටපු නගරාධිපතිවරයා ට ලබාදීම සම්බන්ධයෙන්  කිසිදු යෝජනාවක් හෝ  ⁣මහා සභාවට නොපැමිනි බවත්  එලෙස මහා සභාවට ආ ඉල්ලීමකට හෝ යෝජනාවකට මහා සභාවෙන්  අනුමැතියක් නොලැබුණු බව තමන් ඉතා වගකීමෙන් යුතුව පුකාශ කරන බවද කපිල මන්ත්‍රීවරයා  මෙහිදී අවධාරණය කළේ ය.

මේ  අකාරයෙන්  නගර සභාවේ මුදල් ගසා කෑ මෙම වංචනික ක්‍රියාවලිය ඔප්පු කිරීම සඳහා අවශ්‍ය කරන සෑම ලිඛිත සාක්ෂියක්ම තමන් සතු බවද  ඔහු කියා සිටි.
මෙම බරපතල චෝදනාව සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරියගෙන් විමසිමට අප අවස්ථා ගණනාවකදි උත්සාහ කළද ඇයව සම්බන්ධ කරගැනිමට නොහැකි විය.

(ඡායා- අන්තර්ජාලයෙනි )


 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here