නගර සභාවේ සේවකයන් දේශපාලකයන් ගේ වැඩවලට යොදවන්නට නගර සභාවේ අනුමැතිය දුන්නේ කව්ද ?

0
76
මීගමුව නගරසභා සේවකයන් දේශපාලකයන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ වැඩකළ හැටි
මීගමුව නගරසභා සේවකයන් දේශපාලකයන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ වැඩකළ හැටි
මීගමුව නගරසභා සේවකයන් දේශපාලකයන් පෑලියගොඩට ප්‍රදේශයේ  ප්‍රසිද්ධියේ වැඩකළ හැටි

මීගමුව මහනගර සභවේ සේවකයන් 4 දෙනෙකු එහි වැඩපරික්ෂකවරයෙකු වන නිරෝෂන් නැමැත්තාද අද පෙ.ව 10 සිට ( 2017/01/18) දවල් 2 ක වනතුරු  හිටපු නියෝජ්‍ය නගරධිපති දයාන් ලංසා දන්සල් කටයුත්තක් සදහා වැඩකරමින් සිටි බවට අප වෙත තොරතුරු ලැබි ඇත.
කටුවාපිටියේ පල්ලියේ අද දිනයේ සන්ධ්‍යා මෙහෙය පැවැත්වූ අතර එහි යන එන  ජනයා වෙත දායන් ලංසා විසින් දෙනු ලබන දන්සලේ හට් එකේ ඉදිකිරිම් කටයුතු වල මෙම නිළධාරින් යෙදි සිටිම දැනටමත් හෙළිදරව් වි තිබේ.
මේ සම්බන්ධයෙන් අප විසින් නගර සභාවේ ඉහල තනතුරක් දරන තැනැත්තියකගෙන්ද  විමසා සිටි අවස්ථාවේදි ඇය කියා සිටියේ ඒ අය එසේ සිටියාද කියා නිශ්චිතව ඔප්පු කරගැනිමට ඇති අපහසුව නිසා ඊට එරෙහි ක්‍රියාමාර්ගයක් ගැනිමට නොහැකි බවය.
දැන් මීගමුවේ ජනයාට මතුවෙන ප්‍රශ්ණය වන්නේ ඔවුන් මහනගර සභාවට බදු ගෙවන්නේ දේශපාලකයන්ගේ දරදිය අදින්නට සේවකයන් යෙදවිමටද යන්නයි. ඒ ගැන සොයා බලා කටයුතු කරන්නට නගරසභාවේ උසස් නිළධාරින් කිසිදු උනන්දුවක් නොදක්කවන බව අපට අවස්ථා ගණනාවකදිම සනාථ වි තිබේ.
මීට සති දෙකකට ඉහතදි අප විසින් වාර්ථා කළ අන්දමට නගර සභාවේ බොග්කැට් යන්ත්‍රය දයාන් ලංසා අළුතින් ඉදිකරනු ලබන නිවසේ පස් තුනි කිරිමේ කටයුත්කට යොදවා තිබුණි.
නගර සභාවට එවැනි යන්ත්‍ර ඇත්තේ දෙකකි.අප මේ පිළිබදව නගර සභාවේ උසස් නිළධාරින්ගෙන් විමසා සිටියද කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනුනේ නැත.
මෙහිදි පැහැදිලිව පෙනි යන කරුණක් වන්නේ දයාන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිව සිටි සමයේ නගර සභාවේ සේවකයන් මෙන්ම වාහනද යොදා පැලියගොඩ ප්‍රදේශයේ නිළියකගේ නිවසක් පිරිසිදු කිරිමට එදා නගර සභා සේවකයන් යෙදවු පරිද්දෙන්ම දැනුත් එය එසේම සිදුවන බව නොවේද?
මෙහි වෙනස වන්නේ මීගමුව දැන් පාලනය වන්නේ කොමසාරිස් වරයෙකු යටතේය.
මේ රටතුල යහපාලනය ස්ථාපිත කිරිම වෙනුවෙන් කොන්දේසි විරහිතව මාධ්‍ය හැසිරවු අප මීගමුව තුල දැන්  ක්‍රියාත්මක පරිපාලන මාෆියාවද කොන්දේසි විරහිතව එලිදරව් කිරිමට බැදි සිටින බව දන්වා සිටිනු කැමැත්තෙමු.

 

Save

Save

Save

Save

Save