නගර සභාව නත්තල් පොලේ ටෙන්ඩර් කොන්දේසි කඩයි.

0
406
නාගරික මන්ත්‍රිවරයෙක් විසින් බිම්කඩක් අයිතිකරගෙන තනා තිබුන කඩයක්.
ටෙන්ඩර් කොන්දේසි කඩමින් දෙසැ 21 වෙනිදා ර සභාව විසින් පොළ බදුකරු වෙත යවන ලිපිය.
ටෙන්ඩර් කොන්දේසි කඩමින් දෙසැ 21 වෙනිදා ර සභාව විසින් පොළ බදුකරු වෙත යවන ලිපිය.
ටෙන්ඩර් කොන්දේසි ( පොල බදුකරු බිම්කුලි අයකලු යුතු පාරවල් සදහන්ය )
ටෙන්ඩර් කොන්දේසි (මිළ ගණන් සදහන්ය )
පොලබදුකරු විසින් රු ලක්ෂ 13 ක් ගෙවු මුදල් රිසිට් පත
2009 වසරේ දිවයින කතුවැකියක්
මෙම කතු වැකියේ සදහන් වන්නේද මීගමුවේ නත්තල් පොල ගැනය.

Negombo-News මීගමුව මහනගර සභාව යනු නත්තල් පොලක්වත් හරිහැටි පාලනය කරගන්නට බැරි අකර්මන්‍ය ආයතනයක් බවට පත් වෙමින් තිබේ.දැනට දශකයට අධික කාලයක සිට සෑම වසරකදිම ජනමාධ්‍ය වෙත උණුසුම්ව පුවත් සපයන තැනක් බවට සෑම නත්තල් පොලක්ම පත්ව ඇත.මේ කාලය තුල නගරාධිපතිවරුන් 4 දෙනෙකුගේම නොහැකියාව පෙන්වා ඇත.මේ තත්වය යටතේ දේශපාලන අධිකාරියේ ප්‍රමාණ්‍යටම පරිපාලන අධිකාරියද උපරිම වශයෙන්ම පිස්සු කෙලින තත්වයකට පත්ව ඇත.

මෙවර නත්තල් පොල සදහා ටෙන්ඩර්කරුවන් දෙදෙනෙකු විසින් අයදුම් කර තිබුන අතර ඉන් ජයග්‍රාහි ටෙන්ඩර්කරු බවට පත්වුයේ ඇන්ටනි ජුඩ් නැමැත්තෙකි.මේ වෙනුවෙන් ඔහු නගර සභාවට රු 1308432.. මුදලක් ගෙවා තිබුණි.

 

මේ ටෙන්ඩර් වෙනුවෙන් ඔහු ක්‍රියාත්මක විය යුුතු ආකාරය පිළිබදව ඇතුලත් ලියවිල්ලක් මේ ටෙන්ඩර්කරු වෙත ලබා දි තිබුණි.එයට අනුව ඔහු විසින් කළ යුතු සහ නොකළ යුතු දෑ සටහන් කර තිබූණි.

විශේෂයෙන්ම නොකළ යුතු දෑ ලෙසින් සදහන් කර තිබුනේ

 

1.සෙනසුරාදා රාත්‍රි පොළේ වෙළදුන්ගෙන් පොල බදු අයනොකළ යුතුය.

2.එමෙන්ම ඉරිදා සහ බදදා කාමච්චොඩේ පොල සිමාව තුල බදු අය නොකල යුතුය.

3.මහජන බැංකුව සහ ලංකා බැංකුව ඉදිරිපිට කොටසේ ඉදිකිරිම් නොකළ හැකිය.

 

තතු එසේව තිබියදි මීගමුව මහනගර සභාව මේ ටෙන්ඩර් කොන්දේසි කඩකරමින් විශේෂ නත්තල් පොල යැයි කියමින් පොළ බදුකරු හට ටෙන්ඩර් කොන්දේසි මගින් ලබාදි තිබුන සිමාවන්ගෙන් වෙනමම වෙළදාම් ඉතා හොදින්ම තිබුන දින කිපයකදි බදු මුදලක් අය කරන්නට පටන්ගත්තේය.( මීගමුව නගර සභාවේ දේශපාලන අධිකාරියත් පසුකලෙක පරිපාලන අධිකාරියත් නත්තල් කෑමට ගාන හොයාගන්නේ මේ නත්තල් පොලෙනි.මේ සදහා සුත්‍රයක් කල්පනා කළ නගර සභාව 2012 දෙසැම්බර් 21 වනදා පොල බදුකරුට ලිපියක් එවමින් දන්නා සිටින්නේ ඔහුට මුදල් අය කළ හැක්කේ අදාල පාරවල් වල දෙපස පමණි. මෙහිදි මතුවන ගැටළුව වන්නේ ටෙන්ඩර් ක්‍රියාත්මක වන්නේ 2012 දෙසැ 01 දා සිටය. එහෙත් මේ අළුත් කොන්දේසි මතක් වන්නේ දෙසැ 21 වෙනිදාය.)

 

මේ සදහා මීගමුව මහනගර සභාවේ අදායම් එකතු කිරිම් නිලධාරින් තිෙදනෙක් අනුයුක්ත කර තිබුණි.මෙු අය විසින් ජයග්‍රාහි ටෙන්ඩර් කරුගේ බිම්කුලියද ඉක්මවා යමින් විශාල මුදලක් අයකරගෙන තිබේ. මේ වෙනුවෙන් මහනගර සභාව නිකුත් කරන්නට යෙදුන බිල් පත්ද  මෙහිදි ජායාරූප මගින් දක්වා ඇත්තෙමු.

නගර සභාව විසින් ගිවිස ගත් ටෙනඩර් කොන්දේසි අමු ුඅමුවේ උල්ලංඝනය කරමින් මෙවර නත්තල් පොලද අර්බුදයට යවා ඇත.මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු දක්වා සිටි පොළ බදුකරු ජුඩ් මහතා පවසා සිටියේ තමන්ට

……….තවමත් ඉන්න හිටින්න තැනක් නැ .ඉන්නේ ගෑණු දරුෙවා් දෙන්නෙක් .ඉතින් සල්ලි පොලියට අරන් තමයි මේ ලක්ෂ 13 බැන්දේ.ටෙන්ඩර් කොන්දේසි වලින් මට භාර වෙලා තිබුන සිමාවේ කාගෙවත් බාධාකිරිමකින් තොරව බිම් කළිය අයකරගත්තා නම් මගේ ආදයම් ඉලක්කය ට යන්න තිබුණා. නමුත් නගර සභාවේ නිති විරෝධි මැදිහත්විම් හින්ද මම දැන් හොදටම අසරණ වෙලා තියෙන්නේ .

ඒ විතරක් නෙමෙයි මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරු දෙන්නෙකුත් කඩගහගත්තා.මේ හින්ද මට ලැෙබන්න තියෙන ලක්ෂ 3කට අහිමි වෙලා ගියා.මේක මට වෙච්ච විශාල අසාධාරණයක්.

මට දැන් පොලියට ගත්ත සල්ලි ටික පියවගන්නවත් බැරවයි ඉන්නේ.මේ හින්ද මම කියන්නේ මට මේ අහිමි කරපු අදායම් වෙනුවෙන් නගර සභාව වන්දියක් ගෙවිය යුතුයි.

තමන්ට මේ සිදුවු අසාධාරණය පිළිබදව අල්ලස් හා දූෂණ කොමිසමටද පැමිණිලි කර ඇති බවද පවසා සිටියේය…………

නාගරික මන්ත්‍රිවරයෙක් විසින් බිම්කඩක් අයිතිකරගෙන තනා තිබුන කඩයක්.
ටෙන්ඩර් කොන්දේසි කඩකරමින් නගර සභාවෙන් බිම් කුල අයකරගෙන තිබුන රිසිට් පත්
නිතිවිරෝධි ලෙසින් ඉදිකළ කඩ ගැන පොලිස් පැමිණිල්ල.