නගර සභා කම්කරුවන්ගේ විරෝධතාවක්

0
139

P1160599ඊයේ පෙරවරුවේදී  මීගමුව නගර සභාවේ සේවය කරන කම්කරුවන්ගේ විරෝධතාවයක්   මීගමුව නගර සභා භූමියේදී පැවැත්විණි.  මෙම විරෝධතාවය පවත්වන ලද්දේ ඊයේ පැවති නගර සභා රැස්වීමට  විපක්ෂයේ මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු විසින් ගෙන ඒමට නියමිතව තිබූ යෝජනාවකට එරෙහිවයි. එය යෝජනාව වන්නේ , කාණූ සුද්ද පවිත්‍ර කිරීම, මදුරු තෙල් ඉසීම  සහ තාර දැමීම සදහා  ව්‍යාපෘති සදහා මාස 06කට  පමණක් බදවාගෙන ඇති  කම්කරු කණ්ඩායම් වලට අදාළ ව්‍යාපෘති නියමිත කාලයේදී අවසන් නොවීමත්  එම කම්කරුවන්ගේ සේවය යම් ක්‍රියාමාර්ගයක් ඔස්සේ අවුරුදු 07ක් පමණ ලබාගෙන තිබීම පිළිබදව පළාත් පාලන නීති අනුව යම් ගැටළුවක් විය හැකි නිසා එම ව්‍යාපෘති වල කාලය අවසන් කරන ලෙසයි. මෙම යෝජනාව මගින් තාවකාලික පදනමින් සේවයට බදවාගත් කම්කරුවන්ට අසාධාරණයක් වන බව  විරෝධතා දැක්වූ කම්කරුවන් කියා සටියහ. ඊයේ පැවති මීගමුව මහ නගර සභා රැස්වීම අවස්ථාවේ  මහජන  ගැලරිය  වෙතද මෙම කම්කරුවන්ගේ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කළ බවද වාර්තා විය.

P1160591

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here