නගර සභා පරිපාලන අධිකාරියට එරෙහිව දෝෂාභියෝගයක්..??

0
89

  Negombo-News මීගමුව මහනගර සභාවේ පරිපාලන අධිකාරිය එහෙම පිටින්ම දේශපාලන අධිකාරියේ අණසකට යටත්ව සියළු වෘත්තිය සදාචාරයන් අහෝසිකරගෙන ඇති අයුරු අප අවස්ථා කිපයදිම මතු කර ඇත.

මේ කරුණ අපි යළිත් අවධාරණය කරන්නේ මේ තත්වයේ ඇති භායනක කම තවත් මතු කරන්නටය.

නත්තල් පොලේ ටෙන්ඩර් කැදවෙන්නේ ඔක් මස 17 වෙනිදා පුවත්පත්වල දැන්විම් පළකරමිනි.

ජයග්‍රාහි ටෙන්ඩර්කරු තොරාගත්තේ 2012 නොවැ 01 වෙනිදාය.ටෙන්ඩර්කරු මේ වෙනුවෙන් රු දහතුන් ලක්ෂයක මුදලක් ගෙවන්නේ නොවැම්බර් 15 වෙනිදාය.

නාගරික කොමසාරිස් තුමිය 2012 නොවැ 26 වෙනිදා ලිපියක් යවමින් දන්වා සිටින්නේ ඇන්ටනි ජුඩ් නැමැත්තා ජයග්‍රාහි ටෙන්ඩර්කරු බවත් ටෙන්ඩර් කොන්දේසි වල සදහන් පරිදි බදු අයිති ලබාදුන් පාරවල් වල සහ නියමිත දිනවල පමණක් මුදල් අයකරන ලෙසය.

තතු එසේව තිබියදි යළිත් 2012 දෙසැ 21 වන දාතමින් ලිපියක් යොමුකරමින් නගාරික කොමසරිස් කියන්නේ පොළබදුකරුට පවසා සිටින්නේ ඔහුට මුදල් අයකළ හැක්කේ ටෙන්ඩර් කොන්දේසි වල සදහන් පාරවල් වල දෙපස පමණක් යනුවෙනි.එමෙන්ම විශේෂ නත්තල් පොළවල්  පැවැත්විමට නගර සභාව අවසර දි නොමැති බවය.

මේ ටෙන්ඩර්කරු අදාල කොන්දේසි වලට අනුව රු 1308432 ගෙවිමට එකග වන්නේ එදා ඔහු වෙත ලබාදුන් ටෙන්ඩර් කොන්දේසි වලට අනුවය.

තතු එසේව තිබියදි මීගමුව නගාරික කොමසාරිස්තුමියට හදසිස්සියේ මතක් වු ලෙසින් ටෙන්ඩර්කරු තෝරාගෙන දින 51 එකකට පසුව අළුත් ටෙන්ඩර් කොන්දේසි එකතු කරන්නට පටන් ගනි.

බදුගෙවන ජනයාට සාධාරණයක් ඉටුකරන්නේ නැත.මෙවන් නිළධාරින් අධිකරණමය ක්‍රියාමාර්ග ඔස්සේ දඩුවම් පැමිණවිම හැර අන් මාවතක් ඇතැයි අප නම් නොසිතමු.