නගර සභා භූමියේ වෙසක් උත්සවයට කොඩි දැමීම කිතුණු ප්‍රතිමාවකට නිගරුවක්ද?

0
417

piyum 1මීගමුව  සියළු ආගම් ජාතින් සමගියෙන්  ජිවත් වන දේදුණු නගරයකි. එහි සමගිය බිදින්නට සැරසෙන කොයියම් හෝ ආගමික අන්තවාදයකට අප එරෙහි වන්නෙමු.
මේ අර්ථයෙන් ගත් කළ පියුම්වර්ධන නැමැත්තෙකු ප්‍රධාන සංවිධායක යැයි කියන ශාසණාරක්ෂක බලමණ්ඩලය විසින් පසුගිය දා මීගමුව නගරාධිපතිවරයාට ලිපියක් භාර දෙමින් පවසා ඇත්ෙත් මීගමුව නගර සභා භූමියේ වෙසක් පෝ දිනයදා වැට දිගට බොදුනු කොඩි දැමිම ඒ භූමියේ ස්ථාපිත කර ඇති කිතුණු ප්‍රතිමාවට නිගරුවක් බවය.
එම නිසා වෙසක් පෝ දිනට පෙර මෙය ඉවත් කරගැනිම සදහා සෑහෙන පොරබැදිමක් පියුම්වර්ධන නැමැත්තා විසින් කර ඇතැයි ඔහු විසින්ම නැවතත් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙන්ද හෙළිදරව් වි ඇත.
ජාතික ආගමික උත්සවයක් වු වෙසක් පෝ දා නගර සභාවක වැට දිගේ බොදුන් කොඩි හෝ පහන් කුඩු එල්ලා තිබිමේ ඇති වරද කුමක්ද???
නගර සභා භුමිය මීගමුවේ සියළු පුරවැසියන්ට අයත්ය.එහි ප්‍රධාන පුරවැසියා ලෙසින් නගරාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇත්තේ සමාන ආකාරයකිනි.
නගර සභා භූමිය යනු ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් එකක් නොවන බව පියුම්වර්ධනලාට නොවැටහෙන්නේ ඔහු පමණක් නොව ඔහුගේ මොළයද විශ්‍රාම ගොස් ඇති නිසාය.
දේදුණු නගරයට ගිණි තියන්නට නැට්ටේ හුලුඅත්තක් බැද ගත් පියුම්වර්ධනලා කියන්නේ නගරාධිපතිවරයා වහාම ඒ බොදුනු කොඩි නගර සභා භූමියෙන් ඉවත් කිරිමට කටයුතු කර නැති බවය. තවමත් ඒ කොඩි ඉවත් කර නැති බවය.
අපට අසන්නට ඇත්තේ නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙසින් ඔහු ඒ කොඩි ඉවත් කළයුත්තේ ඇයි.?
පියුම්වර්ධන වැනි මැට්ටන්ට බයේද??
ඔහු කළ කි බොහෝ දැ අප විවේචනය කළද මේ සිදුවිෙම්දි ඔහු සිය පරිණත බව පෙන්වා ඇත්තේ තමන් හොදින් ආගම අදහන කිතුණුවෙක් වුවද සියළු ආගම් සමානලෙසින් සැලකිය යුතුය පරම ප්‍රතිපත්තිය  ඔහු විසින් හෙලාදකිමිනි.
ඒයින් නොසතුටට  පත් ශාසරණාරක්ෂක බලමණ්ඩලය ජනාධිපතිවරයාට කියන්නේ කතෝලිකයන් හැටියට අපි කියන දේ විතරක් කරන ලෙසට නගරාධිපතිවරයාට උපදෙස් දෙන ලෙසය.
එසේ කතෝලිකයන් කියන දේ නොකරන්නේ නම් අපි කියන දේවල් කරන්නට නගරාධිපතිවරයෙක් අපට දෙන්න යනුෙවන් මීළග පෙත්සම ලියන ලෙසින්  මීගමුවේ පෙත්සම් චක්‍රවර්ති පියුම්වර්ධනට ආණ්ඩු පක්ෂයෙන්ම තල්ලුවක් ලැබෙන්නට නියමිත බවද අපේ තුන්වෙනි ඇස්වලට පෙනෙන්ට පටන් ගෙන තිබේ.
ජනාධිපති වෙත යැවු මේ පෙත්සම නිසා ඒක හොදක් සිදුවනු ඇත. එනම් මේ පෙත්සම කියවන ජනාධිපති ලේකම් කාර්යංශයේ උගත් බුද්ධිමත් සහකාර ලේකම්වරුන් විසින් ජනාධිපති ලේකම් හරහා මීගමුවේ මේ මතුවෙමින් ඇති ආගමික අන්තවාදය ගැන අනතුරු අගවා සිටිනු ඇත.
මීගමුව තිබෙන්නේ ලංකාවේ සිතියම ඇතුලේ යැයි තේරුම් ගන්නට පියුම්වර්ධනලා ඇතුළු නඩයට වැඩි කලක් ගතනොවනු ඇත.
තවත් එක් දෙයක් මෙහි සටහන් කළ යුතුමය.
කිතුණුවන් බහුතරයක් සිටින නගරයක වුවද සෑම වසරකම වෙසක් සහ පොසොන් උත්සවය සමයේ විශාල දන්සැල් ප්‍රමාණයක් මෙහි සංවිධානය කර තිබුණි.මෙවර අප සැකසු දන්සැල් අත්වැලේ පමණක් 43 ක් සටහන් කරන්නට අපට හැකි විය. එහෙත් අපට වාර්ථා නොවු ඒවාද විය.
තලාහේන සහ පිටිපන වැනි කිතුණු බහුතරයක් සිටින ප්‍රදේශවල පවා දන්සල් හත අටක් සංවිධානය කර තිබුනේ මේ නිසාය.
එහෙත් ශාසරණාරක්ෂක බලමණ්ඩලයට මේ ආගමික සහජිවනය වැදගත් නැත.
පියුම්වර්ධන විසින් ම ලියු ලිපියේ මීපුර වෙබ් අඩවිය නගරාධිපතිවරයාව පවා බරපතල ලෙසින් විවේචනය කර ඇති බව දුකින් මෙන් පවසයි.
විවේචනයේදී  කිසිදු පුද්ගයෙකුගේ තරාතිරිම කිසිදිනක මීපුර ප්‍රශ්නයක් කරගත්තේ නැත. එමෙන්ම හොද දෙයක් යමෙක් කලේ නම් එය අගේ කිරිම අපේ මාධ්‍ය ප්‍රතිපත්තියයි.
අවාසනාවකට මීගමුව යනු හොද දේවල් වැඩිපුරම සිදුවන නගරයක් නොවේ. එම නිසාම අපට වැඩිපුරම ලියන්නට වන්නේ නරක ගැනය.
එය අපේ මාධ්‍ය කලාවේ ඇති වරදක් නොව පියුම්වර්ධනලා වැනි මීගමුවේ උරුමකාරයන් යැයි යටගිරියෙන් බෙරිහන් දෙන වැඩබැරි ටාසන්ලාගේ නොහැකියාවයි.
මීගමුව නගරය හොද තත්වයකට ගෙන ඒමට තඹ පයිසයක වැඩක් නොකරන පියුම්වර්ධනලා නිසා මීගමුව යනු ලංකාෙව් එපාකරපුම නගරය වලින් එකක් බවට පත්ව තිබේ.
වරක් මීගමුවේ උසස් පොලිස් නිළධාරියෙක් ප්‍රසිද්ධියේ පවසා සිටියේ තමන්ගේ 37 වසරක සේවා කාලය තුල තමන් පැමිණි ජාරාම නගරය මීගමුව බවය.
හංදි ගානේ සුරුවම් තබා බැරි නම් නගර සභා භූමියෙත් සුරුවම් තබා මීගමුව යහපාලනයකට ගෙන ආහැකි යැයි කල්පාන කරන පියුම්වර්ධනලාට අපට කියන්නට ඇත්තේ මීගමුව ඇත්තටම පාලනය වන්නේ පාතාලයෙන් බවය.
ශාසනරාක්ෂක බල මණ්ඩලය යැයි කියන සංවිධානය කතෝලික සභාවේ නිළ සංවිධානයක් නම් පියුම්වර්ධනලා මේ මතු කරමින් තිබෙන තලෙයිබාන් වර්ගයේ ආගමික අන්තවාදය ගැන කතෝලික සභාවේ නිළ ස්ථාවරය ප්‍රකාශයට පත් කළ යුතුය.නැතිනම් ශාසනාරක්ෂක බලමණ්ඩලය කතෝලික සභාෙව් නිළ සංවිධානයක් නොවේ යැයි ප්‍රකාශ කළ යුතුය.
ලංකාවේ මාධ්‍ය කරුවන් බරපතල මර්ධනයකට මුහුණ දි ඇත් මොහොතක ශාසණාරක්ෂක බලමණ්ඩලය ජනාධිපති ඇතුළු දේශපාලකයන්ට කේලම් කියන්නේ මීපුර ටත් පාඩම් උගන්වන්න බැරිදැයි අසමිනි.
ඒ ලිපියේ අපි ගැන ද්වේශයෙන්  ලියා ඇති සියළු අසත්‍ය කරුණු ගැන අප පිළිතුරු දෙන්නට මේ ඉඩ පාවිච්චි නොකරන්නේ අප ගැනත් අපේ මාධ්‍ය මෙහෙවර ගැන මීගමුවත් පොදුවේ රටේත් පාඨකයන් දන්නා බැවිනි.
එබැවින් මෙහිදි අප මතු කර ඇත්තේ මීගමුවේ ආගමික සමගියට එරෙහි තලෙයිබාන් පන්නයේ  ආගමික අන්තවාදයකට එරෙහිව අපේ ප්‍රතිපත්තිමය ස්ථාවරය යළිත් වරක් ලකුණු කොට තැබිම සදහාය.
ශාසනාරක්ෂක බලමණ්ඩලය ජනාධිපතිවරයාට යැවු ලිපිය අප මෙසේ අන්අයගේද දැනගැනිම සදහා පළ කරන්නෙමු. එය කියවනු ලබන්නේ මීගමුවේ පමණක් නොව ලංකාෙව් මෙන්ම ඉන් පිටත සිටින ලාංකිකයන් විසිනි.
ඒ පියුම්වර්ධනලාගේ තලේයිබාන් වාදය ලෝකයා ඉදිරියේ හෙළිකරනු පිණිසය.
ගල උඩ බළලුන් කැතකළ විට සිදුවන්නේ කුමක්දැයි අතිගරු ආචාර්ය පැට්ට්‍රික් පියතුමෙනි පියුම්වර්ධනලාට කියාදෙන්න.