නගර සභා වාහන වලින් මිගමු වැල්ලෙන් වැලි ඇදලා ?

0
278
negombo beach

මිගමුවේ පැවැති මාධ්‍ය හමුවකදි විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ ලංකාවේ දුෂිතම මහනගර සභාව මිගමුව බවයි. සැබැවින්ම එය අතිශයෝක්තියක් නම් නොවේ . මන්ද දිනපතා මිගමු මහනගර සභාව ගැන හෙළිවෙමින් ඇති වංචා දුෂණ ප්‍රමාණය ලංකාවේ කිසිදු පළාත් පාලන ආයතනයකින් වාර්තා වන්නේ නැත.

තතු එසේව තිබියදි ඊයේ පෙරවරුවේ සිට මිගමුවේ වෙරළ උද්‍යායනයට පැමිණි මිගමුව මහනගර සභාවට අයත් බැකෝ යන්ත්‍රයක්ද යොදාගනිමින් වැලි කපා මහනගර සභා වාහන වලින් ඒවා ඉවත් කර ගෙන ඇති බවට බරපතල චෝදනාවක් එල්ල වි තිබේ.

මේ සම්බන්ධයෙන් මිගමුවේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයෙන් අප කළ විමසුමකදි ඔවුන් කියා සිටියේ ඒ වෙලාවේම නිළධාරින් පිරිසක් මේ ගැන සොයා බැලිමට යවා ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here