නගර සභා සාප්පු සංකිර්ණයේ අනවසර ඉදිකිරිමක් ..???

0
92

මීගමුව මහනගර සභාවේ සාප්පු සංකිර්ණයේ බි ගොඩනැගිල්ලේ කඩ වලට යෑම සදහා පාරිහෝගිකයන් වෙනුවෙන් වෙන් කර තිබු තීරුව එහි කඩහිමියන් තමන්ගේ අමතර භාණ්ඩ එහි තබාගැනිම  නිසා එහි එහා මෙහා ගමන් කිරිම අපහසුවක් තිබේ.
මේ පසුබිම යටතේ අප ඊයේ රාත්‍රියේ වාර්ථා වුයේ මේ කඩහිමියන් විසින් ඔවුන් ට අයත්ය තිබු කඩ සිමාවට තාප්පයක් ඉදිකරන්නට පටන් ගෙන ඇති බවය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් නගරාධිපතිවරයා පවසා සිටියේ බි  ගොඩනැගිල්ලේ කඩහිමියන්ගේ ඉල්ලිම මත මෙසේ අවසර ලබා දි ඇත්තේ නගරසභාව විසින් අනුමත කර ඇති සැලැස්මට අදාලව පමණක් බවය .එමෙන්ම ඒ වෙනුවෙන් දැනට ගෙවන කඩකුලිය දෙගුණයක් කිරිමටද ඔවුන් එකගව ඇති බවද ප්‍රකාශ සිටියේය.
එහෙත් අප විමසා සිටි අවස්ථාවේ කඩහිමියන් කියා සිටියේ එසේ තමන් එකගතාවය පළකර නැති බවය.
කෙසේ වෙතත් තවදුරටත් ඔවුන් කියා සිටිනේනේ තවත් සතියකින් පසු කලින් පාරිහෝගිකයන් නිදහසේ ඇවිද පදික වේදිකාව මුළුමනින්ම නිදහස් කිරිමට කටයුතු කරන බවය.
මේ සම්බන්ධයෙන් අප විමසුකට පිළිතුරු දුන් නාගරික මන්ත්‍රිවරයෙකු පවසා සිටියේ මේ කඩ හිමියන් විසින් ඔවුන් පරිහරණය කරනු ලබන වර්ග අඩි ප්‍රමාණය සම්බන්ධයෙන් බදු ගිවිසුමකට පැමිණ ඇති බවත් එය වෙනස් මේ කරන ඉදිකිරිම හේතුවෙන් වර්ග අඩි ප්‍රමාණය වැඩිවන බවත් ඒ  අනුව මුදල් කාරක සභාවට මෙන්ම මහ සභාවටද මෙය ඉදිරිපත් කර අනුමැතිය නොගෙන කිසිවක් මෙහි ඉදිකළ නොහැකි බවය.
එය නගරාධිතිවරයාට කිසිසේත්ම තනිව තින්දු කළ නොහැකි බවද හේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.MC shops1