නගර සභා සේවකයන්ගේ රැධිර පරික්ෂනය හේමාස්ගේ යෝජනාවක්ද.?

0
92

Negombo-News මීගමුව මහනගර සභා සේවකයන්ගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරිම සදහා රැධිර පරික්ෂන කිපයක් ඇතුලත් පැකේජයක් හේමාස් ආයතනය විසින් වට්ටම් සහිතව මීගමුව මහනගර සභාවේ කොමසාරිස්තුමියට යෝජනා කර ඇත.
මේ මහත් උනන්දුවකින් කටයුතු කළ කොමසාරිස්වරිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාගෙන්ද උපදෙස් ලබාගෙන ටෙන්ඩර් පටිපාටියකින් තොරව හේමාස් වෙත මෙය භාර දි ඇති වාර්ථාවේ.
කම්කරුවන් වෙනුවෙන් මෙවන් සුභසාධනමය කටයුත්තක් සිදුකිරිම අවැඩක් නොවේ.
එහෙත් පළාත් පරිපාලන නිතිය ගැන ඉහලින්ම දන්නා කොමසාරිස්තුමිය හේමාස්ගේ උවමනාව හමුවේ සිය රාජකාරිමය වගකිම හෑල්ලු කරගත්ෙත් ඇයිද යන ගැටළුව මේ දිනවල නගර සභාවේ කොරිඩෝ සාකච්ජා අතරට පිවිස තිබේ.
මේ සදහා දරන්නට සිදුව ඇති මුදල රැපියල් මිලියනය ඉක්මවා ඇතැයිද වාර්ථා වේ.