නගාරාධිපති අපේක්ෂක ප්‍රශ්ණය මත මීගමු පොහොට්ටුවේ ගැටුම උග්‍රවෙයි !

0
106

sarath G 3(7.30pm)මීගමුව පොහොට්ටුවේ නගරාධිපති අපෙක්ෂකයා ගැන පසුගිය රැස්විම් කිපයකදි සරත් ගුණරත්න විසින් ඉදිරිපත් කරන්නට යෙදුන අදහස් හා එකග නොවුන පිරිස් මේ ගැටුමේ හරි මැද එදාම ලකුණූ කර තිබුණි.
මීගමුව තුල පොහොට්ටුවේ දේශපාලනය ගොඩනැගිමට මුලික වැඩකොටසක් සිදුකරන ලද පළාත් සභා මන්ත්‍රි එම් සකාවුල්ලා සහ හිටපු නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන එදා සිට දිගින් දිගටම සටන් කළ කරුණු වි තිබුනේ ලංසා පවුලේ බලපෑමට මීගමුව තුල පොහොට්ටුව යටපත් කිරිමට කිසිසෙත්ම ඉඩදිය නොහැකි බවය.
එහෙත් මේ බරපතල අර්බුදය නිවරදි දේශපාලන දැක්මක් තුල කටයුතු නොකළ සරත් ගුණරත්න විසින් දයාන් ලංසා නගරාධිපති අපෙක්ෂකයා යැයි කිමත් සමගින් සකාවුල්ලා සහ කපිල මේ බලවේගයෙන් ඉවත් වෙයි.
එදා පටන් මතුවු නගරාධිපති අපෙක්ෂකයා පිළිබද ගැටුම දැන් යළිත් වටයකින් මීගමුවේ පොහොට්ටුව තුල පුපුරා යමින් තිබේ.
සරත් ගුණරත්න දැන් යළිත් බරපතල දේශපාලන අර්බුදයකට ලක්ව සිටින්නේ ඔහුගේ දේශපාලන සගයන් විසින් දයාන් ලංසාගේ නගරාධිපතිධුර කථාවට එළිපිටම විරෝධය පළකිරිමට පටන් ගැනිමත් සමගින්ය.
මේ අර්බුුදය ඉදිරි දිනය කිපය තුලදි තවත් වර්ධනය විමට ඇති ඉඩකඩ ගැන ඉතා විශ්වාස කටයුතු මාර්ගයෙන් දැනගන්නට තිබේ.
මෙය බරපතල ලෙසින් පුපුරා යාමට දැන් ඇත්තේ දින වකවානු හෝ පැය ගණන් පිළිබද ප්‍රශ්ණයකි.
මෙම අර්බුදයේ බරපතල කම නිසාම දැන් හිටපු ඇමති නිමල් ලංසා දැන් වැල්ලිවිදියේ ගෙවල් ගානේ යමින් සිටින බව වැල්ලිවිදියෙන් වාර්තාවේ.
මේ පිළිබදව පවා දැන් පොහොට්ටුවේ අපෙක්ෂකයන් අතර බරපතල මත ගැටුමක් නිර්මාණය වෙමින් තිබේ.
නිමල් ලංසා ඇමතිධුරය අතහැරියේ මිගමුව දිනවන්නටද නැතිනම් වැල්ලිවිදිය කොට්ටාශය දිනවන්නටදැයි ඔවුන් දැන් ප්‍රශ්ණ කරන්නට පටන් ගෙන තිබේ.
කෙසේ වෙතත් මතුව එමින් මේ සියළු අර්බුදයන් කෝටි ගණනින් මුදල් විසි කළද විසදා ගැනිමට නොහැකි ඒවා බව සක්සුදක් සේ ලංසා පවුලට දැන ගැනිමට තවත් ටික කලක් ගත වෙනු ඇත.