( 9.30 am ) ලංකාවේ සිටින සිය අදරැතියන්ට නත්තලට යැයි කියා ඉතාලියෙන් එවු බඩු පෙට්ටි දැන් මාස 6 ක් ගොස් තිබුණද තවමත් ලැබි නැතැයි ඒවා බලා සිටින අය මැසිවිලි නගති.
මේ බඩු පෙට්ටිට වලට ඇත්තටම සිදුව ඇත්තේ කුමක්දැයි දැනගැනිමට පවා විදියක් නැත්තේ ඒවා සංවිධානය කරනු ලැබු තැනැත්තන් දිගින් දිගටම ඔවුන්ගේ ජංගම දුරකථන පවා නිහඩ කරගෙන සිටින බැවිනි.
මේ ගැන අප කළ විමසුමකදි ඉතාලියේ සිටින අයෙකු පවසා සිටියේ ලංකාවට එවිම සදහා බඩු පෙට්ටි වලට දැමු බොහෝ දේවල් මේ වනවිටත් කල්ඉකුත් විමට බොහෝ විට ඉඩ ඇති බවය.
තතු එසේ නම් ඒ පාඩුව විදරාගත යුත්තේ කව්ද ? මුදල් ගෙන බඩු පෙට්ටි නැව් ගත කරන අය මේ ගැන ගන්නා පියවර කුමක්ද ?