නත්තලට ඔරුවක් කර තියාගෙන ආ ත්‍රිවිල් රියදුරෝ…

0
682

Negombo-News මීගමුව හා අවට  නත්තල වෙනුවෙන් ගොඩක් සුන්දර දේවල් සිද්ධවෙලා තිබුණා.තැන තැන විවිධ ආකාරයෙන් සැකසුන ගවලෙන් දකින්න ලැබුණා.කටුනායක ගුවන්තොටුපල මංසන්දියේ හදලා තිබුන ගවලෙන  කාගෙත් සිත්ගත්තේ එය අන් සියල්ලට වෙනස් ආකාරයෙන් ඔරුවක් මත හදල තිබුන හින්ද.

ඇත්තටම ලස්සනයි.

නමුත් මේ ගවලෙන හදන්න ගත්ත උත්සහාය ගැන කතන්දරය ඊටත් වඩා සුන්දරයි. මේ වැඩේට ඔරුවක් හොයාගත්තේ කලපුෙවන් ඉගොඩට ගිහින්. ඉතින් ඒක පැදගෙනම අරන් ආවා කියමුකෝ. නමුත් ගැටළු වුනේ මේක මහපාර ගාවට අරන් එක .කට්ටියම එකතුවෙලා කරේ තියාගෙන එන්න හැදුවත් මගක් අරන් එනකොට  වටේටම ගෙවල් හින්ද වැෙඩ් අමාරු වුණා.පස්ෙස්  ඔරුවේ කෑලි  ගලෝගෙන ඒය කරේ අරන් ආවා. එහෙම ඇවිත් තමයි මේ ලස්සන ගවලෙන හදල තිබුනේ.

මීගමුව වටේ ම මේ විදියට හැදුන ගවලෙන් තියෙනවා. ඒවලත් තවත් සුන්දර කථා තියෙන්න පුළුවන් . අපි ඒවාත් ඔයාලත් එක්ක බෙදා ගන්නවා.